*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 01/13

1. ප්‍රමාණවත් බුද්ධි අංශ තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමට පියවර ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් නිලධාරීන් කිහිප දෙනෙකු විසින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරයි – ඒ සම්බන්ධයෙන් පහත සඳහන් පරිදි වන්දි ගෙවීමට එම පුද්ගලයන්ට නියෝග කරයි: හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගෙන් රුපියල් මිලියන 100 ක් ද ,හිටපු පොලිස්පති සහ හිටපු SIS අධ්‍යක්ෂගෙන් රුපියල් මිලියන 75 බැගින් ද, හිටපු ආරක්ෂක ලේකම්ගෙන් රුපියල් මිලියන 50 ක් සහ ජාතික බුද්ධි අධ්‍යක්ෂ විසින් රුපියල් මිලියන 10 ක් ද වන්දි වශයෙන් ගෙවිය යුතුය.

2. ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) ශ්‍රේණිගත කිරීම් ආයතනය විසින් ශ්‍රී ලංකා ජාතික ශ්‍රේණිගත කිරීමේ පරිමාණයේ ස්වෛරීත්වය පහත හෙලීම සහ නැවත ක්‍රමාංකනය කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ බැංකු 10 ක ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් පහත හෙළයි.

3. කැලණිතිස්ස විදුලි බලාගාරයට තෙල් සංස්ථාවෙන් නැප්තා මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය ට මුදල් නොමැති බැවින් අද දිනයේ වසා දැමීමට ඉඩ ඇති බව ලංවිම සභාපති නලින්ද ඉලංගකෝන් ප්‍රකාශ කරයි – විදුලිබල මණ්ඩලය, පුනර්ජනනීය බලශක්ති බලාගාර හිමියන්ට රු.මිලියන 100 ක් සහ බැංකු සඳහා රු.බිලියන 40ක් පමණ මුදලක් ගෙවීමට අපොහොසත් වීමෙන් දුෂ්කර තත්ත්වයකට පත්ව ඇති බව ලංවිම සාමාන්‍යාධිකාරී ඉංජිනේරු රොහාන් සෙනෙවිරත්න ප්‍රකාශ කරයි.

4. අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව මෙම සතිය මුලදී මැතිවරණය සඳහා ඇප මුදල් භාර නොගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලිඛිතව දැනුම් දුන් බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් හපුහින්න ප්‍රකාශ කරයි.

5. බංගලාදේශයේ මහ බැංකුව විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික අර්බුදය හේතුවෙන් ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කරන ලෙස කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් වූ ණය ආපසු ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුවට තවත් මාස 6 ක ණය සහන කාලයක් ලබා දෙයි.

6. මාර්තු 19 වැනිදාට පෙර පළාත් පාලන මැතිවරණය පවත්වන බවත් අධිකරණ නියෝගයකින් මැතිවරණය වළක්වන්නේ නම් මිස එය නොවළක්වන බවත් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා ප්‍රකාශ කරයි – ඡන්ද විමසීමක් පැවැත්වීමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම බෙදී ගොස් ඇති බවට පැතිර යන කටකතා ප්‍රතික්ෂේප කරයි.

7. ලෝක බැංකුව, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන අපේක්ෂාවන් 2023 සඳහා සෘණ 4.2% දක්වා සීමා වන බව පවසයි; එය IMF හි පුරෝකථනයට වඩා තියුණු ය – පසුගිය වසරේ ආර්ථික වර්ධනය සෘණ 9.2% දක්වා හැකිළී තිබුණි: දිවයිනේ ජනගහනයෙන් තුනෙන් එකකට වඩා පිරිසක් ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ දෙනු ඇතැයි අනතුරු අඟවයි.

8.විදුලි බිල වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් කුඩා කර්මාන්ත රැසක් කඩා වැටෙනු ඇති බව ජාතික ඉදිකිරීම් සංගමයේ ප්‍රධානී සුසන්ත ලියනආරච්චි මහතා ප්‍රකාශ කරයි – ඉදිකිරීම් කර්මාන්තය දැනටමත් බිඳවැටීමේ අද්දර පවතින අතර මීළඟ ගාස්තු වැඩිවීම එයට දරාගැනීමට ඉතාම අපහසු වනු ඇති බව අනතුරු අඟවයි.

9. Qatar Charity Fund (QCF) විසින් ඇමරිකානු ඩොලර් මිලියන 11 ක ආධාරයක් ලබා දීමෙන් පසුව QCF වෙත ලංකාව තු​ළ කාර්යාලයක් විවෘත කිරීමට රජය අවසර ලබා දෙයි – වසර 2 කට පෙර, 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ QCF හි භූමිකාවක් ගැන සඳහන් කරමින් රජය විසින් පුණ්‍යායතනය තහනම් කර තිබුණි.

10. ශ්‍රී ලංකාවට එරෙහිව කොල්කටාහිදී පැවැති 2 වැනි එක්දින ක්‍රිකට් තරගය ඉන්දියාව කඩුලු 4කින් ජය ගනී – ශ්‍රී ලංකාව – 215 (පන්දුවාර 39.4): ඉන්දියාව- 216/6 (පන්දුවාර 43.2): ඉන්දියාව තරග 3කින් සමන්විත තරගාවලිය 2-0ක් ලෙස ඉදිරියෙන් සිටින්නේ තවත් තරගයක් ඉතිරිව තිබියදීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan