*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

ඇමෙරිකාව පවුල් පිටින් බලන්න ආ, ලංකාවේ රගර්

නිපොන් පේන්ට් ජාතික රගර් ලීග් තරගාවලිය යටතේ ජනවාරි 14 වන දා පැවති තරග අතරෙන් නිපොන් පේන්ට් හී සාමාන්‍යාධිකාරි නේමන්ත අබේසිංහ ගෞරණීය ප්‍රධාන ආරාධිතයා සේ එක් වූ පොලිස් කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර තරගයට විශේෂ ආරාධිතයා සේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි ඩග්ලස් සොනෙක් එක්විම කැපී පෙණුනා.මීට පෙර ඇමෙරිකානු තානාපතිණිය ද වරක් ශ්‍රී ලංකාවේ රගර් නැරඹීමට සහභාගි වුණා.

මෙවර ඇයට වඩා සිය දරු පවුල ද රැඟෙන පැමිණි සොනෙක් වැන්නන් ශ්‍රී ලංකා‍වේ රගර් පිළිබඳ දක්වන උනන්දුව සහ එය සමඟ මිත්‍රශීලීව හැසිරීම සිඳුවන්නේ රාජ්‍යයේ ක්‍රීඩාව රගර්වලට වෙට්ටු දමමින් සිටින වටපිටාවකයි.මේ අවස්ථාවට ශ්‍රී ලංකා රගර් සභාපති රිස්ලි ඉල්ලියාස් ද එක්ව සිටි අතර ඔහු සභාපති පදවියට පත් වූ පසුව ජාත්‍යන්තර වශයෙන් රටවල් හරහා ශ්‍රී ලංකාවේ රග්ර් ක්‍රීඩාවට යම් යම් අනුග්‍රහයන් ගෙන ඒමට කටයුතු කිරීම සිද්ධ වූයේම රජය රගර් සඳහා කිසිඳු අනුග්‍රහයක් නොදක්වන වාතාවරණයකයි.


පොලිස් ක්‍රීඩා පිටියේ පැවති පොලිස් කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර තරගයෙන් මහනුවර කණ්ඩායම තව දුරටත් සිය අපරාජිත බව සුරැක ගනිමින් ලකුණු 22 – 12 ක් ලෙස ජය ගැනීමට සමත් වුණා.තරගයේ පළමු අර්ධය ගෙවෙන මොහොතේ ලකුණු 12 – 5 ක් ලෙස මහනුවර පෙරමුණ ගැනීමට සමත්වීම කැපී පෙණුනා.
මහනුවර කණ්ඩායම වෙනුවෙන් මේ තරගයේ ලැබූ ලකුණු 22 න් ලකුණු 17 ක් ම ඉකුත් වසරේ ලීග් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වූ තරින්ද රත්වත්ත ලබා ගැනීම කැපී පෙණුනා.ඔහු උත්සාහක දිනුම් දෙකක් වාර්තා කළ අතර මහනුවර කණ්ඩායම ලබා ගත් මුළු උත්සාහක දිණුම් ප්‍රමාණය වූ තුනෙන් දෙකකදීම ඔහු ප්‍රවර්ථන සාර්ථක කර ගැනීමට සමත් වුණා.එසේම තරින්ද මහනුවර කණ්ඩායමට ලැබුණ එක් දඩුවම් නිදහස් පහරක් ද නිසි එල්ලයට යොමු කරන්නට සමත් වුණා.මහනුවර කණ්ඩායම වෙනුවෙන් ඉතිරි ලකුණු 5 ලබා දුන්නේ ශ්‍රී ලංකා සත් සාමාජික කණ්ඩායමේ නායකත්වය දරන ශ්‍රී නාත් සූරියබණ්ඩාර යි.පොලිස් කණ්ඩායම සිය ලකුණු 12 වාර්තා කළේ රසිත් සිල්වා ලබා දුන් උත්සාහක දිණුමකින් සහ මහනුවර ක්‍රීඩකයින් අතින් සිඳු වූ අනීතික කියාවක් නිසා ලැබුණු දඬුවම් උත්සාහක දිණුමකින් හිමි වු ලකුණු හතකින්.
කොළඹ තුරග තරග පිටියේ පැවති සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම සහ හැව්ලොක් කණ්ඩායම අතර තරගයේ දී ජයග්‍රහණය හිමි වුණේ හැව්ලොක්ස් කණ්ඩායමටයි.ඔවුන් එහිදි ලකුණු 31 – 17 ක් ලෙස ජය ලබා ගත්තා.තරගයේ දෙවන අර්ධයේදී වඩාත් වේගවත් වූ හැව්ලොක්ස් ක්‍රීඩකයින් පළමු අර්ධය නිමා වන විට තිබුණු ලකුණු 7 – 7 සම තත්ත්වය 31 – 17 ක් දක්වා පරිවර්ථනය කිරීම සඳහා වේගවත් තරග රටාවක් අනුගමනය කළා.සමස්ත තරගය ගත් විට ලකුණු 48 ක් වූ දෙපිළේ මුළු ලකුණු එකතුවෙන් ලකුණු 34 ක් ම දෙවන අර්ධයේ වාර්තා වීම කැපී පෙණුන අතර දෙවන අර්ධයේ ලකුණු ප්‍රමාණය පමණක් ගත් විට හැව්ලොක්ස් කණ්ඩායම ලකුණු 24 – 10 ක් සේ සීඑච් ක්‍රීඩකයින්ට වඩා ඉඳිරියෙන් සිටීම කැපී පෙණුනා.
හැව්ලොක්ස් කන්ඩායම වෙනුවෙන් මෙම තරගයේ දී උත්සාහක දිණුම් පහක් වාර්තා වූ අතර එම උත්සාහක දිණුම් පහ අෂ්මීර් ෆජුඩීන්,නිවංක ප්‍රසාද්,රන්දිත වර්ණපුර,රවීන් ප්‍රනානදු සහ විමුක්ති රාහුල අතර එක බැඟීන් බෙදී ගියා.මෙම උත්සාහක දිණුම් පහෙන් තුනක්ම නිසා ඉලක්කය ලබා සාර්ථක ප්‍රවර්ථන බවට පත් කරන්නට සංදේශ් ජයවික්‍රම සමත් වුණා.සීඑච් කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ එකම උත්සාහක දිණුම ලබා ගත්තේ ප්‍රසාත් මධුශංකයි.එය හිරූෂ සම්පත් විසින් සාර්ථක ලෙස ප්‍රවර්ථනය කළ අතර රෝහිත රාජපක්ෂ ඩ්‍රොප් ගෝලයකින් ලකුණු එකතු කර දෙන්නට සමත් වුණා.ඊට අමතරව මේ තරගයේදී ත් සීඑච් කන්ඩායමට දඩුවම් උත්සාහක දිණුමකින් එන ලකුණු 7 ක් ද එකතු කර ගන්නට හැකියාව ලැබුණා.



RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan