දෙවෙනි අරගලය ආරම්භ කිරීමට අපි සූදානම් – සරත් ෆොන්සේකා

Date:

දෙවෙනි අරගලය වෙනුවෙන් ශක්තිමත් අඩිතාලමක් දමන බවත්, සියලු කොටස් එකතු කරගෙන නොවැටෙන අරගලයක් ගොඩනඟන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඒ පිළිබඳ අදහස් දැක්වූ ෆොන්සේකා මහතා:

“ජනාධිපතිතුමාට සැලසුමක් නැහැ සුරංගනා කතා කිය කියා ඉන්නවා.ජනවරමකින් මේ ආණ්ඩුව පෙරලනවා. ජන අරගලය ඉදිරියට ගෙනියනවා. නැවතත් අරගලයක් ජනතා විප්ලවයක් ගොඩනඟනවා. දූෂිත පාලනය එළවනවා. අලි පොහොට්ටු මගුල රටට අවමගුලක් වෙලා ඉවරයි. දූෂිත දේශපාලඥයන් තොර රටක් ගොඩනගනවා. දෙවැනි අරගලයට ශක්තිමත් අඩිතාලමක් හදනවා. සියලු කොටස් එකතු කරගෙන. නොවැටෙන අරගලයක් ගොඩනගනවා. ආණ්ඩුවේ මිනිසුන්ට අන්තට්ටුවයි වලිගය යි විතරයි අඩු.”

ඒ මහතා මේ බව පවසා සිටියේ පෙරේදා (14) දින සමාජ ක්‍රියාකාරීන් සමඟ පැවැත්වූ හමුවකින් අනතුරුවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Yingluck Shinawatra ට එරෙහිව ජනතාව වීදි බසී!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බැංකොක් නුවරදී ...

සුමනේ කියන විට කඳු නැමිලද බිමට, කන්දක් පදින්නේ ඔහු පල්ලම ලෙසට

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඒ එම් සුමනවීර යනු...

සුපුරුදු මුහුණු නැවත කරළියට: GMOA සභාපති ලෙස යළිත් වෛද්‍ය සංජීව එයි! 

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : ඊයේ (28) පැවැති...