ජනපීඩක අසාධාරණ බදු ප්‍රතිපත්තිය හකුලා ගනු! යෝජිත බදු ගෙවන්න පඩි පතේ ඉතුරුත් නෑ! අද පැවති උද්ඝෝෂණ මාලාව..

ජනපීඩක අසාධාරණ බදු ප්‍රතිපත්තිය හකුලා ගනු”යන තේමාව මුල් කරගනිමින් වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ විරෝධතා උද්ඝෝෂණයක් අද(20) දහවල් ජනාධිපති ලේකම් කාර්‍යාලය අසලදී පැවැත්විනි.

ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් ඒවාට විසදුම් ලබාදෙන ලෙස ආණ්ඩුවට බලකරමින් මෙම විරෝධතා උද්ඝෝෂණය පැවැත්විනි.

මෙම විරෝධතාවට එක්වීම සදහා පාගමනින් පැමිණීමට සැරසුන පිරිස් වෙත ස්ථාන කීපයකදී පොලීසිය විසින් බාධා එල්ල කිරීම් සිදුවිය.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සාමාජිකයින් කොළඹ විශ්ව විද්‍යාලය අසලින් පැමිණීමට සැරසෙද්දී පොලීසිය විසින් බාධා එල්ල කිරීමත් සමගඔවුන් බස්රථ වලින් පැමිණෙමින් සිටියදී නෙළුම් පොකුණ අසලදී පොලිසිය විසින් නැවත බාධා කිරීමත් සමග උණුසුම්කාරී තත්වයක් ඇති විය.

නැවතත් ඔවුන් බස්රථයකින් ජනාධිපති ලේකම් කාර්‍යාලය අසල උද්ඝෝෂණයේ නිරත පිරිස අසලට පැමිණෙද්දී ජනාධිපති ලේකම් කාර්‍යාලය වට රවුම් අසල දීපොලිසිය විසින් එම බස් රථය ගලුමුවදොර දෙසට හරවා යැවුණු අතර ඔවුන් ගෝල්ෆේස් පිටිය අසලදී බස් රථයෙන් බැසීමත් සමග නැවතත් පොලීසිය සමග උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

පොලීසිය හමුදාව හා එක්ව ජල ප්‍රහාරක රථ ද යොදවා ජනාධිපති ලේකම් කාර්‍යාලය අවට සහ කොළඹ නගරයේ ස්ථාන කීපයකම ආරක්ෂාව තර කොට තිබුණි.

සියලුම ඡායාරූප නරඹන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අනුර හදිසියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ කතාව බොරුවක් – ජනාධිපති කාර්යාලය

සටහන - රුවන් නෙළුගොල්ල හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ජනාධිපති අනුර...

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...