බද්දට එරෙහි වෘත්තීයවේදීන්ගේ විරෝධය – පොලීසියෙන් දැඩි බාධා (VIDEO)

අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව සියලුම වෘත්තියවේදීන්ගේ සහභාගීත්වයෙන් අද කොළඹ ලෝටස් පාරේ මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

එම විරෝධතාවට පැමිණෙමින් සිටි විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ පිරිසට පොලීසියෙන් දැඩි බාධා කිරීම් සිදු වූ අතර එහිදී දෙපාර්ශවය අතර උණුසුම් තත්ත්වයකුයි ඇති වුණේ.

මෙම විරෝධතාව හේතුවෙන් ලෝටස් පාර වසාදමන ලදි.

මුදල් අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණීමට අවසර නොලැබුනු තවත් වෘත්තිකයින් පිරිසක් සෙරමික් හන්දියේ උද්ඝෝෂණයේ නියැලුණි.

ගාලුමුවදොර හරහා බස් රථයකින් පැමිණි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවට යාමට ඉඩ නොලැබුණු නිසා පසුව ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල උද්ගොෂණයේ නිරත විය.

මේ සමඟ ගාලුමුවදොර වටරවුමේ සිට NX වටරවුම දක්වා මාර්ගය වසාදමන ලදි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....

දැන් කොළ හැලෙන කාලෙ !

සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...