මාතර දිස්ත්‍රික් පළාත් පාලන ආයතන 17 ම නිදහස් ජනතා සන්ධානය අත්සන් කර අවසන් ….

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන දාහත (17) සඳහාම නාමයෝජනා අත්සන් තැබීම ඊයේ (19) නිදහස් ජනතා සන්ධාන මාතර දිස්ත්‍රික් කාර්යාලයේදී සිදුවිය.

මේ අනුව

මාතර මහා නගර සභාව
වැලිගම නගර සභාව යන නගර සභා දෙක සහ දික්වැල්ල ප්‍රාදේශීය සභාව මාතර ප්‍රාදේශීය සභාව වැලිගම ප්‍රාදේශීය සභාව ,කොටපොල,පිටබැද්දර අකුරැස්ස ,මුලටියන ,හක්මන, පස්ගොඩ ,තිහගොඩ , අතුරලිය ,කිරින්ද පුහුල්වැල්ල ,කඹුරුපිටිය, දෙයියන්දර,මාලිම්බඩ යන ප්‍රාදේශීය සභා සහ නගර සභා සඳහා නාමයෝජනා අත්සන් තැබීම මෙහිදී සිදුවිය .

රෂිකා හෙන්නායක