*
Monday, September 23, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 01/21

1. තම සංචාරයේ මූලික අරමුණ වූයේ දුෂ්කර කාලවලදී ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාවේ සහයෝගීතාවය ප්‍රකාශ කිරීම බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් ප්‍රකාශ කරයි – ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට මාර්ගය පැහැදිලි කිරීම සඳහා ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත අවශ්‍ය මූල්‍ය සහතික ලබා දෙන බව ද පවසයි.

2. දේශපාලන බලය බෙදීම සඳහා 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සහ පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීම ඉතා වැදගත් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් ප්‍රකාශ කරයි.

3. දලයි ලාමා ශ්‍රී ලංකාවට පැමිණීමට කිසිදු සැලසුමක් නොමැති බව ටිබෙට්හි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කර සිටියි – මීට පෙර, චීන තානාපති කාර්යාලයේ ප්‍රධානියකු මහනුවරදී ප්‍රබල බෞද්ධ නාහිමියන් හමු වී එවැනි සංචාරයකට විරෝධය පළ කර තිබිණි.

4. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සහ විදේශ අමාත්‍ය අලි සබ්රිගේ සොහොයුරා වන උවයිස් මොහොමඩ් පවසන්නේ පවතින තත්ත්වය මත පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින්ට ලබා දී ඇති QR කේතයේ ඉන්ධන කෝටාව වැඩි කළ නොහැකි බවයි.

5. මැයි 9 වැනිදා ගාලුමුවදොර විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාර සහ ඉන් අනතුරුව රටපුරා ආණ්‌ඩුවේ දේශපාලනඥයන්ට එරෙහිව සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ පරීක්‍ෂණ වාර්තාව හෙළි කරන ලෙස කැබිනට් ඇමැතිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටි බව ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරයි.

6. ත්‍රිකුණාමලය “බලශක්ති කේන්ද්‍රස්ථානයක්” බවට පත්වීමේ හැකියාව ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් ප්‍රකාශ කරයි.

7. ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවේ පුරපති ධූරයට තරග කිරීම සඳහා තම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවට දන්වා සිටියි.

8. 28 හැවිරිදි ජීවන් තොණ්ඩමන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දීමෙන් පසු ශ්‍රී ලංකාවේ ලාබාලතම කැබිනට් අමාත්‍යවරයා බවට පත් වෙයි – මීට පෙර රනිල් වික්‍රමසිංහ, යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස කැබිනට් අමාත්‍ය ධූරයක් දැරූ ලාබාලතම පුද්ගලයා වූයේ ඔහුට වයස අවු:29 වන විටය.

9. එක්ස්ප්‍රස් පර්ල් (MV X-Press Pearl) ව්‍යසනය හේතුවෙන් වායු දූෂණය දෙගුණ වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කරයි.

10. “මැතිවරණය කල් දැමීමේ නඩුව” පිළිබඳ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධනගේ දිවුරුම් ප්‍රකාශයේ බොහෝ නොගැලපීම් දක්නට ලැබෙන බව විශ්ලේෂකයෝ පවසති – මහා භාණ්ඩාගාරය සතිපතා රුපියල් බිලියන සිය ගණනක් රැස් කරන අතර එම නිසා මැතිවරණය සඳහා තවත් රුපියල් බිලියන 10ක් පහසුවෙන් රැස්කර ගත හැකි බව පෙන්වා දෙයි: පසුගිය දින 10 තුළ පමණක් මහ බැංකුව රුපියල් බිලියන 450ක් දිගුකාලීන පදනමින් බැංකු වෙත අත්තිකාරම් කර ඇති අතර, අවශ්‍ය අරමුදල් පවතින බව ද තහවුරු කරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan