කොළඹට එජාපයෙන් නගරාධිපති අපේක්ෂකයෙක් නෑ …

Date:

කොළඹ මහ නගරසභාව සඳහා එක්සත් ජාතික පක්ෂය අද (21) දිනයේදී නාමයෝජනා භාරදුන් අතර ඔවුන් ඉදිරිපත් කර ඇති කණ්ඩායමෙහි නගරාධිපති අපේක්ෂකයකු පක්ෂය විසින් නම් කර නොමැති බව වාර්තා වේ.

ඒ අනුව පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව කොළඹ නගරාධිපති ධුරය සඳහා සුදුසු පුද්ගලයා පක්ෂය විසින් තීරණය කරනු ඇති බවයි එම පක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කළේ.

එහිදී එක් එක් අපේක්ෂකයා ලබාගන්නා ඡන්ද සංඛ්‍යාව ඇතුළුව සමස්ත මැතිවරණ ක්‍රියාදාමය තුළ ඔවුන්ගේ කාර්යසාධනය අනුව වඩාත් සුදුසු පුද්ගලයා නගරාධිපති තනතුරට පත් කෙරෙනු ඇති බව පක්ෂ ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...