ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 0.3කින් අතිප්‍රමාණය වූ රුපියල…

Date:

2023 වසරේ ජනවාරි 20 වන දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 0.3කින් අතිප්‍රමාණය වී ඇති අතර, අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල් ඒකකවල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, යුරෝවලට සාපේක්ෂව සියයට 1.5කින්, ස්ටර්ලිං පවුමට සාපේක්ෂව සියයට 2.5කින්, ඉන්දියානු රුපියලට සාපේක්ෂව සියයට 1.6කින් සහ ජපන් යෙන්වලට සාපේක්ෂව සියයට 2.6කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

2022 ‌දෙසැම්බර් මාසය තුළ මහ බැංකුව විසින් ඩොලර් මිලියන 274.42 ක් මිල දී ගෙන ඇති අතර, ඩොලර් මිලියන 170.64 ක් විකුණා ඇති බව ඉහත තොරතුරු ඇතුළත් මහ බැංකුව විසින් නිකුත් කළ වාර්තාවක දැක්වේ.

අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ 2022 වසරේ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 44.8කින් අවප්‍රමාණය වී තිබුණ බවය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් නුදුරින්

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින...

දෙහිවල වෙඩිතැබීමක්. හෝටල් හිමිකරුවෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක්...

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...