සජබ වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත රිමාන්ඩ්

Date:

සමගි ජන බලවේගයට අනුබද්ධ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු වන ආනන්ද පාලිත මහතා සහ විදුලි පාරිභෝගිකයින්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා අනිද්දා (26) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඔවුන්ව අද (24) කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

ඔවුන්ව කොල්ලුපිටිය පොලීසිය විසින් අඩංගුවට ගෙන තිබුණේ මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් වන මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ යන මහත්වරුන් දෙදෙනාට තර්ජනය කිරීම සහ සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා යටතේ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Yoweri Museveni හත්වන වරටත් උගන්ඩාවේ ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක ජනවාරි 18 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Yoweri...

සත්‍යාගේ ශක්තියෙන් වටිනාම ක්‍රීඩිකාව වෙයි.

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන...