ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සමරුවට පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය දිවයිනට

Date:

පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කාර්යාලය පවසන්නේ ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සමරුවට සහභාගි වීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. ඒ මහත්මිය දින පහක සංචාරයක් සඳහා එළඹෙන සතියේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන අතර ඇය මෙරට රැඳී සිටින කාලයේ දී රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් ඇතුළුව පාර්ශ්ව රැසක් සමඟ ද්වීපාර්ශ්වීය වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි .

75 වැනි ජාතික නිදහස් දින සැමරුම් උලෙළට සහභාගී වීම සඳහා මහලේකම්වරිය ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයක් මත බව පෙන්වා දෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කාර්යාලය පෙබරවාරි මස පළමු වැනිදා මෙරටට පැමිණෙන පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය පස් වැනිදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිත බවද කියාසිටී. සිය සංචාරය අතරතුර පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම්වරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සමඟ සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වෙන්නේ…

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (18) පාර්ලිමේන්තුව කැඳවීමට හේතුව ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අද (18)...

ගාසා තීරයේ අවතැන් වූ ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන්ගේ තත්ත්වය ශීත කුණාටු හේතුවෙන් තවත් නරක අතට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා...

ඩේවිඩ් පීරිස් වෙළද සේවා ක්‍රිකට් එක්ක නොදැවී 23 යි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: වෙළද සේවා ක්‍රිකට් තරගාවලියේ...

මහනුවරට සහ නුවරඑළියට නාය යාමේ රතු නිවේදන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ වෙනුවෙන්...