රගර් නඩුව බක් මහට

Date:

ශ්‍රී ලංකා රග්බි පරිපාලනයේ සභාපති ධූරය දරන රිස්ලි ඉල්ලියාස් ඉවත් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ නියෝගය බල රහිත කරන්නට යැයි ඉල්ලා අභියාචනාධිකරණයට යොමු කළ පෙත්සම නැවත කැඳවීම අප්‍රේල් මස 03 වන දින දක්වා කල් ගියේය.ඒ දක්වා දැනට පවත්නා තත්ත්වය ආරක්ෂා කර ගනිමින් පවත්වා ගෙන යාමට ශ්‍රී ලංකා රගර් නියෝජනය කළ නීතිඥවරු කරුණු දැක් වූහ.
ඒසේම නීතිඥවරුන් රසීක් සරූක් වාර්තාව සම්මත කර ගැනීමේ තීන්දුව අධිකරණයට ගොනු කිරීමට අවශය පසුබිම සකස් කර ගැනීමට ද වෙහෙසී කටයුතු කරනු දැකිය හැකි විය.
මේ නඩු විභාගයට පෙර ජාත්‍යන්තර වශයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා වීසින් ගනු ලැබූ තීරණ පදනම් කරගෙන ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවට තහනමක් පනවා ඇත.ඒ අතර ලේකම් ධුරයෙන් ඉවත් කරන්නට යෙදුණ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය හර්ෂ අමල් සිල්වා ප්‍රකාශ කරන්නේ ක්‍රීඩා අමාත්‍යංශයේ දේශපාලන ඇඟිලි ගැසීම් ක්‍රීඩාවේ උන්නතියට හරස් වන බවය.එසේ ප්‍රකාශ කරමින් හිටපු ලේකම්වරයා ඒය රගර්,පාපන්දු සහ ක්‍රිකට්වලට බලපෑම් ඇති කරන බව ද පවසා ඇත.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...