සූරයන්ට අනපේක්ෂිත පරාජයක්

Date:

බටහිර ආසියානු බේස්බෝල් සූරතාවලියේ වත්මන් සූරයන් වන ශ්‍රී ලංකාවට අනපේක්ෂිත පරාජයක් අත් කර දෙන්නට ඊයේ පලස්තීන කණ්ඩායමට හැකි වුණා.2021 පමණ සිට පලසතීනය තුළ බේස්බෝල් ක්‍රීඩාව නංවාලිම සඳහා එරට ජාතික ඔලිම්පික් කමිටුවේ විශේෂ සහයක් හිමි වී තිබෙනවා.ඒ සමඟ කුඩා දරුවන්ගේ සිට අද වන විට බේස්බෝල් ව්‍යාප්තියක් දැකිය හැකි අතර විදේශ අත්දැකීම් ඇති ක්‍රීඩකයින් සිය මව් රටට දායකත්වය ලබාදෙමින් පලස්තීන බේස්බෝල් ක්‍රීඩාව ගුණාත්මක අතින් ඉදිරියට ගෙන යන්නට දරණ දායකත්වය යටතේ ඔවුන් පළමු වරට මෙවර බටහිර ආසියානු වොලිබෝල් තරගාවලියට ප්‍රවිශ්ඨ වෙනවා.

එම ප්‍රවිශ්ඨයේදී වත්මන් සූරයන් පරාජය කරමින් පලස්තීනය දක්වන මේ දක්ෂතාවය අවධානයට ලක් විය යුත්තේ රටක් ක්‍රීඩාවකින් නැඟී සිටීමට අදාළ ක්‍රීඩාව පමණක් නොවන රටෙ පොදු වැඩ පිළිවෙලක අවශ්‍යයතාවය බව පැහැදිළි වෙනවා.කෙසේ හේ පරාජය අනපේක්ෂිතවීමේ සසැලීම වඩාත් විශාල වන්නේ ඔවුන් ඇති කළ පරාජයේ විශාලත්වය නිසයි.තරගය පුරාවටම ශ්‍රී ලංකා පිතිකරුවන් බැඳ තබාගෙන කටයුතු කළ පලස්තීනය එකඳු ලකුණක් හෝ ශ්‍රී ලංකාවට ලබා නොදුන්නා සේම ඔවුන් ආසියාවේ පන්දු යවන්නන් සඳහා (පිචර්ස්) ප්‍රකට ශ්‍රී ලංකාවෙන් ලකුණු 10 ක් උඳුරා ගත්තා.

තවමත් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම සඳහා පිවිස නැති පලස්තීන කණ්ඩායමට ඇමෙරිකානු මුසුවක් තිබෙන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.ඔවුන්ගේ ඇතැමෙක් ඇමෙරිකානු අත්දැකීම් සහිතව ලොස් ඇන්ජලීස් වැනි නගරවල ඇති කණ්ඩායම් නියෝජනය කරන බවත් එම වාර්තා පෙන්වා දෙනවා.කණ්ඩායමේ සංයුතිය විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව මේ ලෙස දක්වා තිබෙනවා.
“චිකාගෝ ප්‍රදේශයෙන් ක්‍රීඩකයින් 12 ක්, කැලිෆෝනියා ඇතුළු අනෙකුත් ප්‍රාන්තවලින් හතර දෙනෙක් සහ ගාසාවෙන් ක්‍රීඩකයින් හතර දෙනෙක්”

ඇමෙරිකානු මුසුවක් කියන්නෙ එම තත්ත්වය වන අතර ඔවුන් චිකාගෝ හී පුහුණුවට එක් වි ඇති බව ද පැවසෙන්වා.ගාසා තීරයේ ගැටුම් සමඟ පැටලෙමින් තිබෙන පලස්තීනය මේ කණ්ඩායම ඇමෙරිකානු සහය ඇතිව ආරක්ෂා කර ගත්ත ද,ඉදිරියේ දී මානව සම්පත් බේස්බෝල් ක්‍රීඩාවේ නැඟීම වෙනුවෙන් සියලු දුෂ්කරතා දරාගෙන සොයා ගැනීමට සැළසුම් සකස් කර තිබෙන බව වාර්තා වෙනවා.

2021 දි පමණ පලස්තීන බේස්බෝලය වෙනුවෙන් එරට සංවිධානාත්මක වැඩ සටහනක් ක්‍රියාත්මක වීම ආරම්භ වූ දා සිට මේ කණ්ඩායම එකට පුහුණුවට ඈදා ගනිමින් වැඩ සැළසුමක් අනුව ක්‍රියා කර තිබෙනවා.විශේෂයෙන්ම ජාත්‍යන්තර වශයෙන් ක්‍රීඩාව කෙතරම් කඩා වැටුණත් තමන්ගේ අන්තර්ජාතික සබඳතා වෙනුවෙන් රට රටවල හොඳහිත තබා ගනිමින් කටයුතු කිරීම වෙනුවට ඔවුන්ගේ නිලධාරීන් සතු ලැජ්ජාව වෙනම වර්ගයක එකක් වීමත් මේ ජයග්‍රහණවලට හේතු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරන පැහැදිළි කිරීම් ඉඟි කරනවා.ඔවුන් තමන්ට පැවරෙන වගකීම අනුව රටට හොඳම කණ්ඩායමක් ලබා දිය යුතු යැයි සිතන සහ ඒ වෙනුවෙන් ප්‍රමුඛතාවය දී කුමන දුෂ්කරතා මැද හෝ මහන්සිවන පිරිසක් බව එම වාර්තා මඟින් පෙන්වා දෙනවා.

මේ තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ මෙවර තරගාවලියේ අපරාජිත බව ගිලිහෙන අතර අවසන් කණ්ඩායම් හතර අතරට ශ්‍රී ලංකාව,පකිස්තානය,පලස්තීනය සහ බංගලාදේශය පිවිසුණා.ඒ අතරින් අද ශ්‍රී ලංකාව අවසන් කණ්ඩායම් හතර සහභාගි වන වටයේ පකිස්තානය සමඟින් තරග වඳින අතර බංගලාදේශය සමඟ තරග වදින්නේ පලස්තීන කණ්ඩායමයි.පලස්තීනය සහ බංගලාදේශය අතර තරගය පෙරවරු 10.00 ය පැවත්වෙන අතර පස්වරු 1.00 ට ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර තරගය පැවත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට අනපේක්ෂිත පරාජයක් අත් කර දුන් ඊයේ දවසේ පැවති අනෙකුත් තරගවලදී බංගලාදේශය සහ ඉන්දියාව ජය අත්කර ගත්තා.බංගලාදේශය එහිදී ඇෆ්ගනිස්තානයට එරෙහිව ලකුණු 12 -02 ක ජයක් අත් කර ගත් අතර ඉන්දියාව ඉදිරියේ නේපාලය පරාජයට පත් වූයේ 15 – 00 ක් ලෙස යි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය