රටෙහි සියලු ආනයන සහ අපනයන ආදිය නතර වී ඇති අතර, සියලු ගනුදෙනු නතර වෙමින්, බැංකු පද්ධතිය කෙරෙහි පුරවැසියන් සතුව තිබූ විශ්වාසය බිඳ වැටී ඇති බවත්, රටේ ආර්ථිකය මුළුමනින්ම සමතලා වැටී ඇති බව ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ, පෙරේදා (28) දින කොළඹ ගලධාරි හෝටලයේදී ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ බැංකු හා මූල්‍ය සමුළුව අමතමිනි.
“අපි දන්නවා අපේ රටේ ආර්ථිකය විශාල අනතුරකට මුහුණපා තිබෙනවා. ඒකේ විවිධ ක්ෂේත්‍රවල කඩා වැටීම දැන් සිදුවෙලා හමාරයි. සමහර ඒවා කඩාවැටෙමින් තිබෙනවා. උදාහරණයක් හැටියට සුළු හා මධ්‍යපරිමාණ කර්මාන්ත විශාල අවධානමකට ලක්වෙලා. බැංකු පොලී අනුපාතිකය ඉහළ යාම, බදු ප්‍රතිශතයන් හා විදුලි බිල ඉහළ යාම හා නිෂ්පාදකයන්ගේ වෙළඳපොළ ඇහිරීම යන සාධක මත සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත පද්ධතිය කඩා වැටීමට ලක්වෙලා. සංචාරක කර්මාන්තය අඩාලවෙලා, පසුගිය කාලයේ ගන්නා ලද තීන්දු තීරණ හේතුකොටගෙන කෘෂිකර්මාන්තය පද්ධතියත් සැලකිය යුතු ලෙස බැඳවැටීමට ලක්වුණා. සේවකයෝ 30, 40 වැඩකරපු සාමාන්‍ය කර්මාන්ත පද්ධති සියල්ල කඩා වැටීමකට ලක්වෙලා. විවිධාකාරයේ කර්මාන්ත, නිෂ්පාදන කඩාවැටීමට ලක්වෙලා අතිශය අවදානම මුල්‍ය පද්ධතියක් මූල්‍ය පද්ධතියක් අපේ රටේ තියෙනවා. කෘෂිකර්මාන්තය පද්ධතියත් සැලකිය යුතුලෙස බැඳවැටීමට ලක්වුණා. මේ විවිධාකායේ කර්මාන්ත, නිෂ්පාදන, සේවා පද්ධති කඩා වැටිලා අතිශය අවදානම් මූල්‍ය පද්ධති කඩාවැටුණොත් ඉදිරිය ගැන කතාකිරීමෙන් පලක් නැහැ. සියලු ආනයන සහ අපනයන නතර වෙලා සියලු ගනුදෙනු කඩා වැටිලා බැංකු පද්ධතිය කෙරෙහි සියලු පුරවැසියන්ගේ විශ්වාසය බිඳ වැටිලා. අපේ ආර්ථිකය මුළුමනින්ම බිමට සමතලා වෙන අනතුරකට වැටිලා.
අද බැංකු පද්ධතියේ තිබෙන කාර්යභාරය සැලකිය යුතු ප්‍රමාණයකින් අහෝසි වෙලා තිබෙනවා. බැංකුවක් තැන තැන විසුරුණු කුඩා මුදල් බැංකු පද්ධතියට අරගෙන යමු ආයෝජකයෙක් සඳහා අවශ්‍ය වෙන ප්‍රාග්ධනය සපයන්න ඕනෑ. එක බැංකුව විසින් කරනු ලබන විශාල කාර්යයක්. කවුරුහෝ අත රුපියල් ලක්ෂයක් දෙකක් තිබුණාට ඒක බැංකු පද්ධතියට අරගෙන ඒ මුදල් එකතු කරලා අලුත් ආර්ථික ප්‍රසාරණය සඳහා තවත් කෙනෙකුට අවශ්‍ය ප්‍රාග්ධනය සපයනවා. ඒක ප්‍රධාන කාර්යයක්. හැබැයි අද ඒකද සිදුවෙන්නේ. අද බැංකුව කරන විශාලම කාර්යය වන්නේ ආණ්ඩුවට ණය ලබාදීම. මා දන්නා පරිදි ලංකා බැංකුව විතරක් භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාාර බැඳුම්කරවලට වටින ආයෝජන රුපියල් බිලියන 1800ක්. තමන්ගේ මුළු තැන්පතුවලින් 50%කට වඩා 60% වඩා ප්‍රමාණයක් ආයෝජනය කර තිබෙනවා. මහජන බැංකුව ගත්තත් මිලියන 1400කට ආසන්න ප්‍රමාණයක් භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර සඳහා තැන්පත් කර තිබෙනවා. ඒ කියන්නේ ජනතාවගේ මුදල් බැංකු පද්ධතියට අරගෙන බැංකු පද්ධතියේ සල්ලි පඩිනඩි ගෙවන්න, ලයිට් බිල් ගෙවන්න, වතුර බිල් ගෙවන්න. ඒ කියන්නේ බැංකු පද්ධතියේ කාර්යභාරය සැලකිය යුතු ප්‍රමාණයකින් අවසන් වෙලා. තෙල් සංස්ථාව ලංකා බැංකුවට ණයයි ඩොලර් මිලියන 650ක්. මහජන බැංකුවට ගෙවිය යුතුව තිබෙනවා මිලියන 400ක්. මහජන බැංකුවට හා ලංකා බැංකුවට ගෙවිය යුතුව තිබෙන මුළු ණය මුදල ටි්‍රලියනය ඉක්මවනවා. බැංකු පද්ධතිය අද කරමින් තිබෙන්නේ රාජ්‍ය ආයතන නඩත්තු කිරීම සඳහා ජනතාවගෙන් එකතු කර ගන්නා මුදල් වැය කරමින් සිටීමයි. මිහින්ලංකා වහලත් අවුරුදු හතහමාරක් විතර ගතවෙලා තිබෙනවා. මිහින්ලංකා එක ලංකා බැංකුවට රුපියල් බිලියන 4.5ක් ණය තිබෙනවා. එයාර් ලංකා එකේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 3.5යි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කරන ලද සාකච්ඡාවකදී, අපට කියා සිටිනවා ණය තිරසාර කර ගැනීම සඳහා ණය ප්‍රතිව්‍යුගත කර ගැනීමකට යන ලෙස. අපේ ණයවල අවදානම් තත්වයක් තිබෙනවා. අප ගෙවන්න තිබෙන ණය කල් දා ගැනීම, අප අරගෙන තිබෙන ණයවලින් පොලී යම් ප්‍රමාණයක් කපා හැරීම, අප අරගෙන තිබෙන ණයවලින් වාරික ප්‍රමාණයක් කපා හැරීම. මේ තුනම ක්‍රියාත්මක වුවහොත් අපි හිතනවා ඒක ප්‍රතිව්‍යුහගත කිරීමක් කියලා. මෙය අයිඑම්එෆ් අප වෙත ඉදිරිපත් කරන ලද ප්‍රධාන කොන්දේසියක්.
අප ණය ගත්ත ආකාර කිහිපයක් තිබෙනවා. එකක් ද්විපාර්ශ්වික ණය, බහුපාර්ශ්වික ණය, ජාත්‍යන්තර වෙළඳපොළේ ස්වෛරී බැඳුම්කර විකුණා ණය ලබාගෙන තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව,කේ.ඩී.බී. වැනි බහුපාර්ශ්වීය ණය දෙන ආයතන ප්‍රතිව්‍යුගත කරන්නේ නැහැ. ප්‍රතිව්‍යුහගත කළ හැක්කේ ද්විපාර්ශ්වීය ණය සහ අයිඑස්බී ණය පමණයි. ද්විපාර්ශ්වීය ණය අරගෙන තිබෙන්නේ ඉන්දියාව, ජපානය, චීනය සහ අනෙක් රටවල් එකට එකතුව ලබාගන්නා ණය. ඉන්දියාව සහ චීනය සමග සාකච්ඡා කර එකඟතාවයකට එන්න ඕනකම තිබෙනවා. ඊළඟට අපි යා යුතුව තිබෙනවා ස්වෛරී බැඳුම්කරවලින් ලබාගන්නා ලද ණය ප්‍රතිව්‍යුගත කරගැනීමකට. අපි ස්වෛරී බැඳුම්කර විකුණලා විවෘත වෙළඳපොළෙන් ණය ලබාගැනීම ආරම්භ කළේ 2007 දි. මෙහි තිබුණු අනතුරුදායක තත්වය තමයි, කෙටිකාලීනයි. පොලී අනුපාතය ඉහළයි. අවුරුදු පහේ ණය, අවුරුදු දහයේ ණය, 6.5% ණය, 7% වැනි අධික පොලියට තමයි අපි අයිඑස්බී ණය ලබාගත්තේ. 2007 සිට 2015 වෙන විට අරගෙන තිබුණා ඩොලර් බිලියන 3.5ක්. 2015 සිට 2019 වන විට රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව අවසන් වන විට අරගෙන තිබෙනවා ඩොලර් බිලියන 12ක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවයන් අනුව කළ යුතුව තිබෙන්නේ ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමකට යාමයි. ජාත්‍යන්තර ප්‍රතිව්‍යුහගත කිරීමකට යාමේදී ඒ අය කියා සිටිනවා අපේ ණය ප්‍රමාණය, දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 145%ට ඇවිත් බව. අපේ රටේ වසරකට ඉපයන ධනයට වඩා ණය පංගුවේ ප්‍රමාණය වැඩියි. ප්‍රතිව්‍යුගත කිරීමකට අපේ ජාතික ධනයට යම් ඔරොත්තු දිය හැකි මට්ටමකට මේ ණය කපා දාන්න. අපේ වාර්ෂික නිෂ්පාදනයේ ජාතික ධනයට අනුරූපී වන පරිදි අපේ ණය ප්‍රමාණය කපා දමන්න ඕනෙ. අපේ අයිඑස්බී ණය ලබාදුන් අය සමග සාකච්ඡාවේදී ඒ අය කියා සිටිනවා මේ 145% වෙලා තිබෙන්නේ දේශීය ණයත් සමග එකතු වීමෙන් බව. ඒ ණය දේශීය ණය කප්පාදුවකින් තොරව ණය තිරසාර කර ගැනීමට ගියහොත් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලට වැටෙන ණය ප්‍රමාණය වැඩියි. ඒ ගොල්ලො කියා සිටින්නේ ඔයාලත් දේශීය වශයෙන් ලබාගෙන තිබෙන ණය යම් ප්‍රතිව්‍යුහගත කිරීමකට යන්න කියලා. එදා ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියා සමග කරන ලද සාකච්ඡාවකදී මෙසේ ප්‍රශ්නයක් අහනවා. “ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් මගින් බලාපොරොත්තු වන්නේ කුමක්ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විදේශීය ණය පමණක් නොව, දේශීය රුපියල් ණයද ප්‍රතිව්‍යුහගත කිරීමකට රජයට නිර්දේශ කරනවා.” මාධ්‍යවේදී අහනවා, “ඔයගොල්ලෝ විදේශීය ණයවලට අමතරව විදේශීය ණයත් ප්‍රතිව්‍යුහගත කරන්න යෝජනා කරනවාද?” කියා. එවිට ඔහු “ඕනෑම ණය වර්ගයක් ප්‍රතිව්‍යුහගත කිරීමක් මගින් බලාපොරොත්තු වන්නේ දේශීය ආර්ථිකය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට මිස දේශීය ආර්ථිකයට හානියක් සිදුකිරීමට නොවේ. එමගින් අප ණය තිරසාර බව සාක්ෂාත් කර ගන්න ඕනෑ… එවැනි නිර්දේශ වුවත් අප විසින් ලබාදෙනවා.” ඔහු ප්‍රකාශ කර සිටිනවා.
මා ඉහත ප්‍රකාශ කර සිටි පරිදි ප්‍රධානම ගැනුම්කරුවා වන්නේ ආණ්ඩුවයි. මේ ආකාරයට කපා හැරියොත් සිදුවන්නේ කුමක්ද? අනිවාර්යයෙන් බැංකු පද්ධතිය කඩාවැටීමකට ලක්වෙනවා. ඒ නිසා ජාතික ජන බලවේගයේ අපි ඉතාමත් ශක්තිමත් ස්ථාවරයක ඉන්න වුවමනාව තිබෙනවා, දේශීය මූල්‍ය සමාගම්වලින් ආණ්ඩුවට ලබාදී ඇති ණය කප්පාදු කිරීම පරාජයට පත් කිරීම වෙනුවෙන්. මූල්‍ය පද්ධතියේ යම් කඩා වැටීමක් සිදුවුවහොත් සමස්ත ආර්ථිකයම සමතලා වි යනවා. සියලු ගනුදෙනු නතර වෙනවා, බැංකු පද්ධතිය කෙරෙහි ඇති විශ්වාසය තමයි බැංකු පද්ධතියේ සුරක්ෂිතභාවය ආරක්ෂා කරගැනීම. මූල්‍ය පද්ධතිය කෙරෙහි ජනතාවගේ විශ්වාසය තමයි මූල්‍ය පද්ධතියේ ආරක්ෂාව. ආණ්ඩුව විසින් ගනු ලබන තින්දු තීරණ විසින් මුල්‍ය පද්ධතිය කෙරෙහි ජනතාවගේ විශ්වාසය පලුදු වෙනවා කියන්නේ මූල්‍ය පද්ධතිය කඩා වැටීමට ලක්වීම සිදුවෙනවා”
රෂිකා හෙන්නායක