2023 වසරේ ගතවූ මුල් දින 25 තුළ මෙරට සංචාරක පැමිණීම් සංඛ්‍යාව අසූ දහස (80000) ඉක්මවා ගිය බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
ඒ අනුව දෛනික සංචාරක පැමිණීම් සංඛ්‍යාවද 3000 ඉක්මවා තිබේ. වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙනි. එම අගය 20000 කි.
ඒ අනුව මාසිකව සංචාරකයන් 105000 ගෙන්වා ගැනීමට ඇති ඉලක්කය සපුරාගැනීමට හැකිවනු ඇත.
2023 වසර නිමා වන විට සංචාරකයින් 1500000 (ලක්ෂ 15) දිවයිනට ගෙන්වා ගැනීම රජයේ ඉල්ලකයයි. එමගින් ඇමරිකානු ඩොලර් බිලියන 2. 8 ක ආදායමක් ලබා ගත හැකි බවට අමාත්‍යවරයාගේ විශ්වාසයි.
රෂිකා හෙන්නායක