කිසිදු රටක් වසංගතයෙන් පාඩම් ඉගෙනගෙන නොමැත – ජාත්‍යන්තර රතුකුරුස හා රතු ක්‍රෙසන්ට් සමිතිය

Date:

අනාගත සෞඛ්‍ය අර්බුද වැඩි වැඩියෙන් දේශගුණය ආශ්‍රිත ව්‍යසන සමඟ ගැටිය හැකිවුද, ඒ වෙනුවෙන් කිසිදු රටක් සූදානම් නොමැති බව ජාත්‍යන්තර රතු කුරුස සහ රතු ක්‍රෙසන්ට් සමිති (IFRC) අනතුරු අඟවා තිබේ.

ඊයේ(30)දිනයේදී ප්‍රකාශයට පත් කරන ලද 2022 ලෝක ආපදා වාර්තාවට අනුව, COVID-19 වසංගතය හේතුවෙන් කුරිරු වසර 03ක කාලයක් ගෙවා නිම කළද කිසිදු රටක් එළඹිය හැකි අවධානමක් වෙනුවෙන් සිය ආරක්ෂණ ක්‍රියාවලීන් යාවත්කාලීන කර නොමැත් බව එහි සඳහන් විය.

පසුගියදා COVID-19 ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය සිය තුන්වන සංවත්සරයේදී නිවේදනය කර තිබුණේ ද ඉදිරි අර්බුදයක් වෙනුවෙන් දේශීය ජාලයක සුරක්ෂිතතාවය අත්‍යාවශ්‍ය වන බවයි.

ලෝකයේ විශාලතම ආපදා ප්‍රතිචාර ජාලය වන(IFRC)හි මහලේකම් ජගන් චාපගේන් දේශගුණය ආශ්‍රිත ව්‍යසන සහ තරංගවල වැඩිවීම උපුටා දක්ව පැවසුවේ, මීළඟ වසංගතයක් වෙනුවෙන් අපගේ පියවරයන් ඉක්මන් නොකරන්නේ නම්, සමාජයේ ඔරොත්තුදීමේ හැකියාව බිඳී යනු ඇති බවයි. මේ වන විටත් ආන්තික කාලගුණික සිදුවීම් නිතර නිතර හා තීව්‍ර ලෙස වර්ධනය වන අතර ඒවාට ප්‍රතිචාර දැක්වීමේ අපගේ හැකියාව සීමිත වන අතර, විවිධ ආකාරයේ ව්‍යසනයන් එකවර සිදු විය හැකි බැවින් ඒවා සඳහා සිය සැළසුම් යාවත්කාලීන කිරීම අත්‍යාවශ්‍ය කරුණක් වනු ඇති බවයි.

ලෝක ආපදා වාර්තාවට අනුව 2023 වසර අවසානය වන විට හෝ සංශෝධිත ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි සම්මත කළ යුතු වන අතර, රටවල් විසින් දේශීය සෞඛ්‍ය මූල්‍යකරණය ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1 කින් සහ ගෝලීය සෞඛ්‍ය මූල්‍ය අවම වශයෙන් වසරකට ඩොලර් බිලියන 15 කින් වැඩි කරන ලෙස නිර්දේශ කර ඇත.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...

අතීත පෞඩත්වය අවුස්සන, අලුත් රෙදිපිළි තාක්ෂණය එක්ක හාද අලුත් ක්‍රිකට් ඇදුම

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC), නිල...

ඊශ්‍රායලය විසින් යේමන් අගනුවරට බෝම්බ හෙලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල නාවික හමුදාව...