කොවිඩ් නිසා නැති වූ වසර දෙක ජනාධිපතිටත් ආණ්ඩුවටත් දිය යුතුයි – ඩයනා ගමගේ

Date:

මැතිවරණයේදී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීම කොවිඩ් වසංගතය හේතුවෙන් කළ නොහැකි වූ බැවින් ජනාධිපතිවරයාගේ සහ වත්මන් ආණ්ඩුවේ ධුර කාලය දීර්ඝ කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය පවසනවා. මේ නිසා ජනාධිපතිවරයාට තවත් වසර දෙකක් ලබාදිය යුතු බවත් වත්මන් පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර දෙකකින් දීර්ඝ කළයුතු බවත් මන්ත්‍රීවරිය සඳහන් කරනවා.

අද පාර්ලිමේන්තු විවාදයට සහභාගිවෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.

කොවිඩ් වසංගතය නොතිබුණේ නම් ගත වූ වසර දෙක තුළ වත්මන් ආණ්ඩුවටත් ජනාධිපතිවරයාටත් විශාල වැඩ කොටසක් සිදු කිරීමට අවස්ථාව තිබූ නමුත් කොවිඩ් වසංගතය ඒ සියල්ල අහිමි කළ බව පෙන්වා දෙන ඩයනා ගමගේ මහත්මිය පවසන්නේ රාජපක්ෂවරුන් බලයේ සිටි සෑම වකවානුවකම රටට විශාල වැඩ කොටසක් සිදු වූ බවයි. කොවිඩ් වසංගතය නොතිබුණේ නම් මේ වනවිට රටපුරා අධිවේගී මාර්ග පද්ධතිය අවසන් කිරීමට නියමිතව තිබූ බවද ඇය සඳහන් කරනවා.

ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය දීර්ඝ කිරීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට තමා සූදානම් බවද ඩයනා ගමගේ මහත්මිය ප්‍රකාශ කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොමසාරිස්වරිය කළේ බලහත්කාරකමක්.අපි කවදාහරි කොමසාරිස්තුමියව නීතිය ඉදිරියට ගේනවා – මුජිබර් (VIDEO)

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාපත් කරගැනීමේදී බස්නාහිර...

කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සියලු හිමිකම් ඇවිරිණ මඟින් සියලු හිමිකම් පවරන මොහොත ජූනි 19 දා ලුම්බිණියේදී

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: සංජක ප්‍රසාද් දොලේවත්ත මේ...