ඵලදායි නොවන සේවකයන් ස්වයං විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය ක්‍රියාත්මකයි: ඇමති බන්දුල

Date:

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ ඵලදායි නොවන සේවකයින් ස්වයං විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදය ද මේ වනවිට ක්‍රියාවට නංවා ඇති බවත්, සෑම රාජ්‍ය ආයතනයකම සේවක සංඛ්‍යාව අඩුකිරීම මේ දිනවල සිදුකෙරෙමින් පවතින බවත් ය.

අද (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

සම්පුර්ණ සේවක සංඛ්‍යාව සෑම ආයතනයකම අඩු කිරීම සඳහා මේ දිනවල ක්‍රියාකරගෙන යන බවත්, ඵලදායි නොවන සේවකයින් සඳහා ස්වයං විශ්‍රාම යෑමේ ක්‍රම සකස් කරන්නට සහ මහ භාණ්ඩාගාරය උපදෙස් දී ඇති අතර සෑම අමාත්‍යංශයකම වියදම් අඩුකිරීම සඳහා චක්‍රලේඛන ගත ගිවිසුමකට අමාත්‍යංශ ලේකම්වරු බැඳිලා සිටින බව අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව උදාහරණයක් ලෙස දුම්රියට සාමාන්‍ය කම්කරුවන් 3,000ක් බඳවා ගැනීම, එම සේවකයින්ගෙන් එකම කම්කරුවෙක්වත් අලුතින් රාජ්‍ය සේවයට බඳවා ගැනීමක් සිදු නොවන අතර, බහුකාර්ය බළකායට දැනට රජයේ සේවයට බැදී සිටි අයම එහි රැදී සිටින බවත් පැවසීය.

සාමාන්‍ය පෙළ දක්වා ගිය හෝ සාමාන්‍ය පෙළ සමත් නොමැති අය ඒ ඒ ප්‍රදේශ අනුව අපි බඳවා ගන්නවා දුම්රිය දෙපාර්තමේන්තුවේ කම්කරුවන් ලෙස ස්ථීර සේවයටත්, එවිට ඔහුට දුම්රිය කම්කරුවෙක් ලෙස උසස්වීම් යනාදිය ලබාගෙන ගමන් කරන්නත් හැකිබව කී අමාත්‍යවරයා, විශ්‍රාම වැටුප් සහිත සේවයකට ඔවුන් යොදනවන බව කීය.

එතැනින් අලුත් රස්සා නොලැබෙන බවත් දැනට ඉන්න රාජ්‍ය සේවය තුළින්ම බොහෝ පුරප්පාඩු පුරවා ගන්නා බව පැවසීය. අධ්‍යාපන අමාත්‍යංශයටත් එසේම බවත්, 26,000කට වඩා වැඩි ගුරුවරු පිරිසක් බඳවා ගන්නා බවද කී අමාත්‍යවරයා ඒ බඳවා ගනු ලබන්නේ, දැනට රාජ්‍ය සේවයේ තුළ සිටින අයගෙන්ම බවද කීය.

අතිරික්තව ඉන්න අයව ස්වයං විශ්‍රාම ගන්වන්න ට රාජ්‍ය ආයතන කටයුතු කරන බවත් එතුමා යටතේ තියෙන ආයතනවලත්, මාධ්‍ය ආයතන තුළත් ස්වයං විශ්‍රාම යෑම සඳහා කැමැත්ත පළ කරලා තියෙන අය යැවීම ගැන කටයුතු කරනමින් සිටින බවත් පැවසීය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය