මන්ත්‍රී කුට්ටිආරච්චිට යළිත් කාන්තා ප්‍රශ්නයක් – ජවිපෙ කාන්තා කටයුතු ඇමති ගැන දැනගන්න ආසයිලු! (VIDEO)

Date:

”අනුර සමඟ නිදියමු හීනෙන් ජනපති වෙමු” ලෙස දැන් අලුත් සංකල්පයක් ඇති වී තිබෙන අතර මේ වන විට අනුර දිසානායක සහෝදරයා 25ක කැබිනට්ටුවක් සහ 25ක නියෝජ්‍ය ඇමති මණ්ඩලයක් සකස් කර තිබෙන අතර එහි කාන්තා කටයුතු ඇමති ගැන තමන් දැන ගැනීමට කැමැත්තෙන් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටිආරච්චි මහතා පැවසුවේය.

ඒ, අද (21) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් විසින් පවත්වන මාධ්‍ය හමුවේදීය.

අනුර කුමර සහෝදරයා ඒ ගැන තමන්ගේ කනට කර හෝ කීවා නම් හොඳ යැයි තමන්ට සිතෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ජනාධිපතිවරණයක් පේනමානයක හෝ නොමැති තත්ත්වයක ජවිපෙ නායකයා රටට විහිලු සපයමින් සිටින බවත් ඔහු ජනාධිපති වූ විට ක්‍රියාත්මක කිරීමට සැලැස්මක් ඇත්නම් ඒ ගැන දැන්ම වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ජා කළ හැකි බවත් කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා පැවසුවේය.

ඔහු එලෙස සූදානම් වන්නේ නම් අනුර දිසානායක සහෝදරයාව ජනාධිපතිවරයා ළඟට වඩාගෙන හෝ යන බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන...

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මහ බැංකුව විසින්...

සමන්ටත් ඩුබායි හී දී රිදී පදක්කමක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 13, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...