ගජමෑන් : රජ වැඩක්

Date:

ලංකාවෙ මිනිස්සු අනුන්ගෙ 3D මැජික් බල බල හූල්ලපු කාලෙ ගෙවි ගෙවී ගෙන යන්න පටන් අරන්දෝ කියන ඉනසන්ට් හෝප් එකක් හිතට වැදිලා තියෙනවා. 

ගජමෑන්……. මේ මනුස්සයා තමා ඒ හෝප් එක ගෙනල්ලා තියෙන්නෙ. ශ්‍රී ලංකන් සිනමා ඉන්ඩස්ට්‍රි එකේ හිස්ටොරිකල් අවස්ථාවක් තමා ගජමෑන්. මෑන් ඊයෙ පෙරේදා එළියට ආවෙ ත්‍රීඩී ස්ට්‍රක්චර් එකක් විදියට උනාට මීට අවුරුදු ගානක කලින් මෑන්, කාටූන් කැරැක්ටර් එකක් කියලා බ්‍රෝලා සිස්ලා නොදන්නව නෙවෙනේ. කැමිලස් පෙරේරා! ලංකාවෙ පත්තර කාටූන් කලාවෙ පතාකයෙක්. කැමිලස් කියන නම අතන මෙතන කොතන ඇහුනත් අපිට මතක් වෙන්නෙ කාටූන් කැමිලස් අන්කල්ව. 

කැමිලස් මහත්තයගෙ ජෙනරේශන් එකට වඩා තට්ටු හතරක පහක මොඩර්න් ජෙනරේශන් එකක් , කැමිලස්ගේ ගජමෑන් ඇතුළු තවත් කැරැක්ටර්ස් තොගයක් එක්ක සිනමා සෙල්ලමක් දැමීම ලස්සන නොස්ටැල්ජියාවක් මොඩර්නයිස් කිරීමක්. පද්මාවතී , මගෝඩිස් තුමා, ස්ටීටි, ලපයා , ටික්කා මේ ඔක්කොම කැමිලස් හදපු අය. ශානක පෙරේරා කියන යන්ග් ඩිරෙක්ටර් කැමිලස් පෙරේරා කියන කාටුනිස්ට්ගෙ වැඩ ටික රි-ක්‍රියේට් කරනවා. පෑනෙන් ඇඳලා තිබ්බ  කැරැක්ටර්ස් ටිකට හුස්ම ටිකක් පොවලා පණ දෙන්න හිතන එකම වැඩක්! යන්ග් ඩිරෙක්ටර් කෙනෙක් විදියට මිනිහගෙ අයිඩියොලොජි එක සහ කලාව අත පත ගෑමේ පරාසය එතනින් අහු වෙන්න ගන්නවා.

ශානක , ලෝකෙ සිනෙමා ටෙක්නොලොජි එක්ක කරට කර හැප්පෙන්න විදියක් හිතනවා. ඒ අයිඩියා එක නිසා තමා ත්‍රීඩී වැඩක් අපේ සිනමාවට එකතු වෙන්නෙත්. ඒක වෙනම ජර්නි එකක්.  ඇනිමේෂන් ෆිල්ම් එකකදි යූස් කරන්නෙ , ‘මෝෂන් කැප්චර් ‘ ටෙක්නොලොජි එක්. 

මේ ත්‍රීඩී මූවි එකේ තියෙන හයිලයිටඩ්ම දේ තමයි මේ වැඩේ ඇතුළෙ ඉන්න සෙට් එක. කැමිලස් පෙරේරගෙන් පටන් ගත්තම වස්තිලා දක්වාම හියුජ් ජෙනරේශන් රේන්ජ් එකක් මෙතන ඉන්නවා. සුනිල් පෙරේරා, චූටි මල්ලි – පොඩි මල්ලි, පබෝදා සංදීපනී, යුරේනි නොෂිකා, අරා – පැස්බරා, රොමා, බ්ලොක් ඇන්ඩ් ඩීනෝ, නිපුනි ශාරදා, වස්ති කෲ එක මේ ඔක්කම එතන. ඩබින් ගැන කිසිම තැනක් අවුල් කියල හිතෙන්නෙ නෑ. ඒක ඇත්තටම මැක්සා. යූටියුබර්ස්ලව ඩබින් ආර්ටිස්ට්ලව රේඩියෝ පර්සනෑලිටීස් හරිම ස්මාර්ට් විදියට යූස් කරපු තැනක් මේක. 

ඊළඟට ස්ක්‍රිප් එක. ස්ටෝරි ලයින් එකේ ලොකු වාව් එකක් නැති උනාට කොන්සෙප්ට් එකක් විදියට නරක නෑ. ඇඟට දැනෙන නොදැනෙන ගානට සාකැස්ටික් ඩයලොග්ස් ප්ලේස් වෙලා තියෙනවා. ඒ ඒ කැරැක්ටර් නේචර් එකට සෙට් වෙන විදියටම වැඩේ වෙලා තියෙන එකට බොක්කෙන්ම සතුටුයි.

ස්පෙශලි මෙතන හයිලයිට් කරන්නෙ සහ වෙන්නෙ ටෙක්නොලොජි එක. මේ ඔක්කොම නිසා තමයි ෆිල්ම් හෝල් ඉතිරෙන ගානට වැඩේ නැගලා යන්නෙ. කොල්ලද බල්ලද ඔක්කොම මේ වැඩේ එක්ක ඉන්නව දකිද්දි baltimoraට එන හැපිනස් එක එන්ඩ්ලස්.  ඉතින් ශානක, මෙහෙම හෝප් එකක් ප්ලාන්ට් කලාට තැන්කිව් සෝ මච්!

BALTIMORA

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයෙන් ඊශ්‍රායලය වෙත ප්‍රති ප්‍රහාර; ඊශ්‍රායලයේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 13; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(13)උදෑසන ඊශ්‍රයල හමුදාව...

කැබිතිගොල්ලෑවේ බලය සමගි ජන බලවේගයට

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට...

පොරොන්දු වූ අභිචෝදක සහ එම කාර්යාලය කෝ ? කාදිනල් හිමි ප්‍රශ්න කරයි!

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වූ පරිදි...

යුදෙව් අරාබි ගැටුමේ පර්සියානු භූමිකාව හා මුහම්මඩ්ගේ පුත්‍රයා ….

අපි කතාව පටන් ගමු ඉතිහාසයෙන්. ක්‍රිස්තු පූර්ව 586 වර්ශය...