*
Sunday, October 6, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 02/01

  1. 2023 මාර්තු 9 වැනි දින පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ගැසට් පත්‍රය නිකුත් කෙරේ – පළාත් පාලන ආයතන 339ක් සඳහා ලියාපදිංචි දේශපාලන පක්ෂ 58කින් සහ ස්වාධීන කණ්ඩායම් 329කින් අපේක්ෂකයින් 80,720ක් තරග කිරීමට නියමිතය.
  2. 2023 ජනවාරි මාසය වන විට රජයේ ආදායම මාසික වියදමට වඩා බෙහෙවින් පහළ මට්ටමක පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි – රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සුබසාධනය, ඖෂධ සහ ණය ගෙවීම හැර අනෙකුත් සියලුම වියදම් දැරීමට මේ මොහොතේ මහා භාණ්ඩාගාරයට අපහසු වී ඇති බව ද මැසිවිලි නඟයි: රජයේ වියදම් තවදුරටත් කප්පාදු කිරීමට උපදෙස් ලබා දෙයි.
  3. රාජ්‍ය ආයතන සඳහා ණය පදනම මත භාණ්ඩ හා සේවා ලබා ගැනීමෙන් වළකින ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ රජයේ නිළධාරීන්ට උපදෙස් ලබා දෙයි – මෙම නියෝගය කඩ කරන ඕනෑම නිලධාරියකු එවැනි වියදම් සඳහා පෞද්ගලිකව වගකිව යුතු බවට අනතුරු අඟවයි.
  1. මීළඟ ජනාධිපතිවරණයට තරග කරන බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ප්‍රකාශයක්! – පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව ද කතෝලිකයන්ගෙන් ඔහු සමාව අයදියි.
  2. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමාව අයැදීම කතෝලික සභාව විසින් පිළිනොගන්නා බව කොළඹ අගරදගුරු පදවි, ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත පියතුමා ප්‍රකාශ කරති.
  3. පෙබරවාරි 4 වැනිදා ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන ජාතික නිදහස් දින උත්සවය වෙනුවෙන් ආරාධිත අමුත්තන් සඳහා ඉදිකෙරෙන ප්‍රධාන වේදිකාව අසල සිටගෙන ඡායාරූප ගත් යුවළක් පොලිස් අත්අඩංගුවට!
  4. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාරගතව සිටි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නිදහස් කරයි – වසන්ත මුදලිගේ දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව තබා ගැනීමේ අරමුණින් විවිධ ප්‍රකාශ ලබා දෙමින් පොලිසිය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කර ඇති බව ද පවසයි.
  5. කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව, 2022 දෙසැම්බර් මාසයේ සියයට 57.2 ක උද්ධමන අනුපාතය හා සසඳන විට වසරින් වසර (YOY) පදනම මත 2023 ජනවාරි මාසයේදී උද්ධමන අනුපාතය සියයට 54.2 දක්වා පහත වැටී ඇති අතර, ආහාර උද්ධමනය 2022 දෙසැම්බර් මාසයේ සියයට 64.4 සිට 2023 ජනවාරි මාසයේදී සියයට 60.1 දක්වා පහත වැටී ඇත.
  6. පළාත් පාලන කාර්යාලයක් වත් පවත්වාගෙන යාමට නොහැකි පිරිසක් බලය ලබාගෙන රට පාලනය කරන්නේ කෙසේදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝප් සභාපති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ‘ආර්ථික ගුරු’ මහාචාර්ය රංජිත් බණ්ඩාර ප්‍රශ්න කරයි.
  7. 2021 වසරේ වාර්තා වූ ඉහළම අගයට වඩා සියයට 4.9 ක වර්ධනයක් වාර්තා කරමින් 2022 වසරේ අපනයන ඉපැයීම් ප්‍රථම වතාවට ඇ.ඩො බිලියන 13 ඉක්මවා ඇති බව මහ බැංකුව ප්‍රකාශ කරයි – හදිසි නොවන ආනයන සීමා කිරීම් සහ විදේශ විනිමය ද්‍රවශීලතා සීමාවන් හේතුවෙන් 2022 වසරේ ආනයන වියදම ඇ.ඩො. බිලියන 18.3 ක් වූ අතර, එය වසරින් වසර (YOY) සියයට 11.4 ක පහත වැටීමකි – 2010 න් පසුව අවම වෙළඳ හිඟයක් වාර්තා වී ඇති බවත්, එය 2021 දී තිබූ ඇ.ඩො. බිලියන 8.1 සිට ඇ.ඩො. බිලියන 5.2 දක්වා පහත වැටී ඇති බව ද පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan