වසන්ත මුදලිගේට නඩු තුනකට අදාළව ඇප

Date:

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට නඩු තුනක් සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (01) ඇප නියම කළේය. ඒ, එම නඩුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

මීට පෙර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ මුදලිගේට එරෙහිව ගොනු කර තිබූ සියලුම චෝදනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ඉවත් කරන ලද අතර, ඔහුව දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීම සඳහා පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය (TID) විසින් එම පනත අවභාවිත කර ඇති බව නිගමනය කළේය.

මුදලිගේට එරෙහිව තිබූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාළ චෝදනා ඉවත දැමුවේ එම වැරදි සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පවසමිනි.

වසන්ත මුදලිගේ මහතා 2022 අගෝස්තු මාසයේදී ‘අරගලය’ ජනතා විරෝධතාවල උණුසුම මධ්‍යයේ අත්අඩංගුවට ගෙන දින 140කට වැඩි කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගන්නා ලදී.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...