වසන්ත මුදලිගේට නඩු තුනකට අදාළව ඇප

Date:

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට නඩු තුනක් සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (01) ඇප නියම කළේය. ඒ, එම නඩුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

මීට පෙර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ මුදලිගේට එරෙහිව ගොනු කර තිබූ සියලුම චෝදනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ඉවත් කරන ලද අතර, ඔහුව දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීම සඳහා පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය (TID) විසින් එම පනත අවභාවිත කර ඇති බව නිගමනය කළේය.

මුදලිගේට එරෙහිව තිබූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාළ චෝදනා ඉවත දැමුවේ එම වැරදි සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පවසමිනි.

වසන්ත මුදලිගේ මහතා 2022 අගෝස්තු මාසයේදී ‘අරගලය’ ජනතා විරෝධතාවල උණුසුම මධ්‍යයේ අත්අඩංගුවට ගෙන දින 140කට වැඩි කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගන්නා ලදී.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ගුවන් අනතුරක්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15) දින...

51ක් වන G7 සමුළුව අදින් ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 51 වන G7...

කොළඹ නගරාධිපති සටන : රීසා සාරුක්ට අත්සන් 62ක් !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා විපක්ෂයෙන් තරග...

ජනපති අනුර යළි දිවයිනට

ජර්මනියේ නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති අනුර කුමාර...