විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට

Date:

කොළඹ (LNW): 75 වැනි නිදහස් දින සැමරුමට සමගාමීව ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානී ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 77 දෙනෙකුට නොකැළැල් සේවය ඇගැයීමේ ගෞරවනීය විශිෂ්ඨ සේවා විභූෂණ (VSV) උපහාරය පිරිනමන ලදී. මහනුවර ජනාධිපති මන්දිරයේ පැවත්විනි.

මෙම උත්සවයේදී මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා ඉතිහාසයේ වැඩිම ගෞරවනීය පදක්කම් ප්‍රමාණයක් ලබාගත් හමුදා නිලධාරියා ලෙසින් පත්වන ලදි.

විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම විශේෂ සම්මානයක් වන අතර එය පිරිනමනු ලබන්නේ යුධ හමුදාවේ ලුතිනන් කර්නල් සහ ඊට ඉහල නිලයන් සහ අවම වශයෙන් වසර 25 ක අඛණ්ඩ සේවා කාලයක් ඇති නාවික හා ගුවන් හමුදාවේ නිලයන් දරණ නිලධාරීන්ට පමණි.

ජෙනරාල් සිල්වා දැනට විවිධ කීර්තිමත් පදක්කම් 20 කට හිමිකම් කියයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අණ නොතකා ධාවනය කළ ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW අද (3) දහවල්...

ලාංකේය පාපන්දුවට නේපාලය ඉදිරියේත් 8 – 0 ක පරාජයක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ලොව අංක 100 කාන්තා...

හිටපු අමාත්‍ය මර්වින් ඇතුළු තිදෙනාට ඇප!

රෂිකා හෙන්නායක ජූනි 03 , කොළඹ LNW : හිටපු...

ඉන්දුනීසියානු බාලි දූපත අසල දී මගී නෞකාවක් ගිලී යයි!

රෂිකා හෙන්නායක ජූලි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුද්ගලයින් 65...