කඳානේ වෙඩිතැබීම : හිටපු ඇමති මංගලගේ පුද්ගලික ලේකම්ට තුවාල. මිතුරා මරුට !

අද (03) උදෑසන කඳාන පොදු වෙළඳපොල අසලදී සිදුවූ වෙඩිතැබීමෙන් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පුද්ගලික ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සමීර මනහර මහතා තුවාල ලබා ඇති බව වාර්තා වේ.

සමීර මනහර ඔහුගේ මිතුරෙකු සමග මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව සඳහන්.

එහිදී සමීර මනහර සහ ඔහුගේ මිතුරා තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර ආරංචිමාර්ග පැවසුවේ සමීර මනහරගේ මිතුරා මියගොස් ඇති බවයි.

මෙසේ මියගොස් ඇත්තේ සමීර මනහරගේ දීර්ඝ කාලීන මිතුරෙකු වන උපාලි නමැති 50 හැවිරිදි අයෙකි.

වෙඩිතැබීමට හේතුව හෝ වෙඩිතැබූ ගිනිඅවිය කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාන්ස් පෙදෙසේ දේපළ වංචාව: සැකකරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : කොළඹ 07,...

සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විමසිලිමත්ව සිටින ලෙස දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : සෞදි අරාබියේ බටහිර...

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ආරක්ෂාව තර කෙරේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...