ශ්‍රී ලංකාවට පවතින තත්ත්වය මඟ හරවා ගැනීමට අප උදවු කරනවා – මාඕ නින්ග්

Date:

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නින්ග් මහත්මිය පවසන්නේ ශ්‍රී ලංකාව මුහුණපා ඇති ඉතා අසීරු තත්වයෙන් ගැලවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන හා සම්බන්ධවෙමින් මෙරට ණය තිරසරභාවය සඳහා අවශ්‍ය සහාය ලබාදීමට තම රට වන චීනය කටයුතු කරන බවයි. ඒ පිළිබඳ මාධ්‍යට ඇය මෙසේ ප්‍රකාශ කර සිටියේය.

◾ප්‍රශ්නය –

IMF ණය සහන ලබාගැනීම සඳහා චීනය ශ්‍රී ලංකාවට ලබාදුන් වසර දෙකක ණය සහන කාලය ප්‍රමාණවත් නොවන බව අමෙරිකානු දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වික්ටෝරියා නියුලන්ඩ් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණය හිමියා ලෙස චීනය, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රමිතියට ගැලපෙන විශ්වසනීය සහ නිශ්චිත සහතිකයක් ලබා දෙනු ඇති බව එක්සත් ජනපදය අපේක්ෂා කරන බවද ඇය එහිදි සඳහන් කළා. මේ සම්බන්ධයෙන් චීනයේ ප්‍රතිචාරය කුමක්ද?

ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහන සඳහා අවශ්‍ය පරිදි ශ්‍රී ලංකාවට විශ්වාසනීය සහ නිශ්චිත සහතික ලබාදීමට චීනය සලකා බලන්නේ කවදා ද?

? පිළිතුර –

මාඕ නින්ග් – චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකා

“එක්සත් ජනපද පාර්ශ්වයෙන් සිදුකළ එම ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවයක් නැහැ. චීනයේ එක්සිම් බැංකුව දැනටමත් ශ්‍රී ලංකාවට සිය ණය තිරසරභාවය සඳහා සහාය ප්‍රකාශ කිරීමේ ලිපිය ලබාදී තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව ඊට ධනාත්මක ප්‍රතිචාරයක් දක්වමින් ඒ පිළිබඳව චීනයට ස්තූතිය පළකර තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව සමඟ චීනයේ සමීප සහයෝගීතාවයට ඇඟිලි ගසනවාට වඩා, එක්සත් ජනපදය ද යම් අවංකභාවයක් පෙන්විය යුතුයි. වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ පා ඇති දුෂ්කරතා කාලය මඟහරවා ගැනීමට උපකාර කළයුතු වනවා. මිත්‍රශීලී අසල්වැසියෙකු සහ සැබෑ මිතුරෙකු ලෙස චීනය ශ්‍රී ලංකාව මුහුණ දෙන දුෂ්කරතා සහ අභියෝග සමීපව නිරීක්ෂණය කරමින් සිය උපරිමයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනය උදෙසා ආධාර සපයනු ලබනවා.

ශ්‍රී ලංකාව චීන පාර්ශ්වයට ඇති ණය සම්බන්ධයෙන්, නිසි විසඳුමක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා කිරීමට චීන මූල්‍ය ආයතනවලට අපි අවශ්‍ය සහාය ලබාදීම ද සිදුකරනවා. එමෙන්ම අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින අතර ශ්‍රී ලංකාවට පවතින තත්ත්වය මඟ හරවා ගැනීමටත්, එහි ණය බර ලිහිල් කිරීමටත්, තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීමටත් ධනාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට චීනය අඛණ්ඩව සූදානමින් සිටිනවා”.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

ව්‍යාජ ලේඛණ සකස් කිරීමේ චෝදනාවට වරදකරු වූ නීතිඥවරයෙකුට ලබුණු නියෝගය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ව්‍යාජ ලේඛණ සකස්...

උද්ධමනය ගැන මේ කතාව අහල තිබුණද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: උද්ධමනය කියන වචනය ඇහෙද්දීම සාමාන්‍ය ව්‍යවහාරය...

පාපන්දු පුහුණුකරු මාර්තුවේ නැවත ශ්‍රී ලංකාවට…?

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු...