සාමුහික වැඩපිළිවෙලක් ඔස්සේ පොදු ගැටලු සඳහා විසඳුම්සොයමු – අප්‍රිකානු රටවල රාජ්‍ය තාන්ත්‍රිකයින්ට පැවසූ ජනපති …

Date:

අප්‍රිකානු රටවල රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් සමග ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ජනාධිපතිවරයා පවසා සිටියේ සාමුහික වැඩපිළිවෙලක් ඔස්සේ පොදු ගැටලු සඳහා විසඳුම් සෙවීමට එක්වන්නැයි දුෂ්කරතාවලට මුහුණදී සිටින සියලු රටවලින් ඉල්ලා සිටියේය.

බොට්ස්වානා, ඇල්ජීරියා, ඊජිප්තුව, ඉතියෝපියාව, කොට් දි අයිවරි, කෙන්යාව, ගැම්බියාව, ලිබියාව, ලෙසෝතෝ රාජ්‍ය, ඝානා, මාලි, මොසැම්බික්, මලාවි, මොරොක්කෝ, නයිජීරියා, රුවන්ඩා, සෙනගල් ජනරජය, දකුණු අප්‍රියාව, සීෂෙල්ස්, සුඩානය, සැම්බියාව, ටැන්සානියාව, ටියුනීසියාව යන රටවල් නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රිකයෝ මෙම අවස්ථාවට එක්වී තිබුණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් සඳහන් කළේ, මේ වනවිට චීනය සහ නැගෙනහිර ආසියාවේ බලය වර්ධනය වෙමින් පවතින අතර මෙම සියවසේ අවසානය වනවිට ඉන්දියාව සහ අප්‍රිකාව ද ඔවුන් අනුගමනය කරනු ඇති බවත් ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන වෙනුවෙන් මෙම රටවල් සමඟ සබඳතා ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු බවය. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ නව අදියර පැහැදිලි කරමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ සෑම දුෂ්කර අවස්ථාවකදීම ශ්‍රී ලංකාව සහ අප්‍රිකාව එකිනෙකා සමඟ එක්ව සිටි බවය.

ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය ද බොහෝ අප්‍රිකානු රටවල නීති පද්ධතියට සමාන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව අප්‍රිකානු කලාපය සමග සැලකිය යුතු ආර්ථික සබඳතාවක් පවත්වාගෙන යන බවත් එය වර්ධනය කරගත යුතු බවත් , අප්‍රිකානු මහද්වීපයෙන් ශ්‍රී ලංකාවට ගලා එන ආයෝජන අවස්ථා යම් මට්ටමක පැවතියත් ඒවා ඉතා සුළු ප්‍රමාණයක් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණි.

රට තුළ සාමය පවත්වා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගත් උත්සාහය මෙන්ම අප්‍රිකානු මහාද්වීපය සමඟ සබඳතා යළි ශක්තිමත් කරගැනීමට කරනු ලබන කැපවීම එහිදී අප්‍රිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇගයීමට ලක් කර ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...