*
Friday, April 19, 2024
spot_img

Latest Posts

පිරිසක් ප්‍රීතියෙන්, පිරිසකගෙන් මැසිවිලි – ලංකාවේ 75 වන නිදහස් දිනය අපට සැමරිය හැකි ද?

සිංහල සහෘදයනි,

“අප සහෝදරයන් ලෙස එක්ව ජීවත් වීමට ඉගෙන ගත යුතුය, නැතහොත් මෝඩයන් ලෙස එකට විනාශ වී යා යුතු ය” – මාර්ටින් ලූතර් කිං

ඔබ මෙන්ම අපටත් ගැටුම්වලින් තොර ශ්‍රී ලංකාවක ජීවත් වෙමින් අපගේ 75 වන නිදහස් දිනය සැමරීමට සම්බන්ධ වීමේ අවශ්‍යතාවය තිබේ. අප ප්‍රජාවන් දෙගොල්ලන්ගේම ජීවිත දහස් ගණනින් විනාශ වී, ආබාධිත වී ගොස් ඇති අතර, දැඩි වේදනාවක් සහ අදහාගත නොහැකි විඳවීමක් අපට උරුම වී තිබේ. අප දුගීභාවයට පත්ව ඇති අතර ජාත්‍යන්තර ප්‍රජාවගෙන් සිඟමන් යදින තත්ත්වයට පත්ව තිබේ. සොයුරු සොයුරියනි, අපි අපගේ දුක්ගැනවිලි සහ අපේක්ෂාවන් ආමන්ත්‍රණය කර සියලු ගැටුම් අවසන් කරමු. සෑම දෙනෙකුටම සමානාත්මතාවයෙන් සහ අභිමානයෙන් ජීවත් වීමට අපි අපගේ අලංකාර දූව යළි  ගොඩනඟමු.

ශ්‍රී ලංකාව අපගේත් රටයි. නිදහස ලැබූ දා පටන්ම එය දමිළ මිනිසුන් පිටස්තරයන් සේ සලකා ඇති අන්දම තුළින්, ආයතනීකරණය කරන ලද සිතාමතා වෙනස්කොට සැලකීමේ ප්‍රතිපත්තියට කදිම නිදසුනක් පානු ලබයි. ඔබ සැම කරන කියන තරමටම අපට නිදහස සැමරීමට නම්, රටේ වෙනත් කිසිඳු ජන කොටසකට හෝ ප්‍රජාවකට කිසිඳු අයුරකින් හානියක් සිදු නොවන, අපගේ දීර්ඝ-කාලීන දුක්ගැනවිලි සහ අභිලාෂයන් පිළිබඳව අපගේ සිංහල සහෝදරයන් අවංකව අවබෝධ කර ගැනීම අවශ්‍ය යි. එමඟින් කිසිවකු මුලිනුපුටා දැමීමක්වත්, ඔවුන්ගේ ගමන් කිරීමේ නිදහස සීමා කරන්නේවත්, කුමන ආකාරයක බෙදීමකින් වුවද ඔවුන්ගේ අයිතිවාසිකම් අහිමි කරන්නේවත් නැතිවනු ඇත.

අපගේ සුන්දර රට, කිසිසේත්ම වෙන්කිරීමකින් තොරව, නොබෙදුනු දේශප්‍රේමීත්වයක් භුක්ති විඳින දූවක් බවට පත් කිරීමට, බලය බෙදීයාම නොවැළැක්විය හැකි බව තහවුරු කිරීමට, සහ බහු-වාර්ගික ප්‍රජාතන්ත්‍රවාදයක් හරහා සියලු පුදගලයන්ගේ පුද්ගල අයිතිවාසිකම් සහ සාමූහික අයිතිවාසිකම් සුරක්ෂිතවන බව තහවුරු කිරීමට අප කටයුතු කළ යුතුය. ශ්‍රී ලංකාව තුළ බලය බෙදීයාම සඳහා සුදුසු ලොව අත්හදා බලන ලද සහ පරීක්ෂා කරන ලද ආකෘති අපි සොයා යමු.

ශ්‍රී ලංකාවේ ගැටුම් මිනිසා විසින් ඇති කරන ලද්දකි. සාමයේ සහ ආගම්වල නාමයෙන් මිනීමැරුම් සහ විනාශයන් සිදුවීම වඩාත් නරක ය. යටින් පවතින ගැටළු පිළිබඳ ආමන්ත්‍රණය කරනු වෙනුවට ගැටුම් නරක අතට හැරීමට ඉඩ හැර එය යටපත් කරන සමාජයක් අදවන විට පවතී. ඉන් අනතුරුව එය ජීවත් වීමේ ක්‍රමය සහ සංස්කෘතිය බවට පත්ව ඇත. අපි සැම හොඳහිත නියෝජනය කරන්නන් බවට පත්වෙමු. ජනසංහාර සහ යුද්ධය, නැවත අලුත්වැඩියා කළ නොහැකි තරමට රට විනාශ කර ඇත. ප්‍රචණ්ඩත්වයේ ප්‍රතිවිපාක රට බංකොලොත් කළා පමණක් නොව, රට කරවන ක්‍රමය දණගස්වා ඇත. ප්‍රචණ්ඩත්වයේ රාජ්‍ය සංස්කෘතිය, ප්‍රචණ්ඩත්වයට එරෙහි පුද්ගලයන් අතර පවා පැතිර ගොසිනි. සම්මුතිගත ඝාතනයන් සහ විනාශයන් අවසන් විය යුතු අතර, අතීත විනාශයන් සඳහා සමාව අයැදීම අනුමත කළ යුතුය, එමඟින් සංහිඳියාවේ සැබෑ ක්‍රියාවන් සියලු ජනතාව අතර ඵලදරනු ඇත. දේශපාලනඥයන් ඇතුළු ජනතාවගේ අනාගතය කොල්ල කෑ පිරිස් තවමත් පවතින ක්‍රමය විසින් ආරක්ෂා වී නිදැල්ලේ සිටිති.

අනාගත පරම්පරාවන්ගේ කෝපය රටේ පද්ධතිය වෙනස් කිරීම සඳහා ඉල්ලීම් කරන අතර, බලවත්ම ඒකාධිපතියන් පවා ඔවුන්ගේ තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලදී. ආණ්ඩුවක් පෙරළා දැමීම සඳහා මෙතෙක් සිදු වූ සාමකාමී ම විප්ලවය ලෙස එය සැලකිය හැකිය. සජීවී අත්දැකීම් ප්‍රමුඛ කොට ගනිමින් ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් සාමය සහ සහජීවනය වෙනුවෙන් පෙනී සිටි එම ක්‍රියාකාරීන්ගේ වගකීම් සහගත ක්‍රියාකලාපය අගය කළ යුතුය. එම විශ්වාසය තුළම, ශ්‍රී ලංකාව තුළ අවශ්‍ය වෙනස ඇති කරන ලෙස අපි සාමකාමී, ප්‍රබෝධමත් සහ ත්‍යාගශීලී සාමූහික ප්‍රජාවන්ට ආයාචනා කර සිටිමු.

යුද්ධයෙන් නාස්ති වී ගිය දේශපාලන ධර්මයේ ඒකාධිපති ස්වභාවය හෙළි වූ අතර, එහි අරමුණ නැති වී ගොස් ඇත. ජාත්‍යන්තර මානුෂීය නීතියෙන් ඔබ්බට සිදු කරන ලද අතිරික්තයන් නිසා, යුධ ප්‍රයත්නයන්ට සහාය දුන් රටවල් ම එක්සත් ජාතීන්ගේ ක්‍රියාමාර්ගවලට සහය දෙමින් සිටී. ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව විසින් උදව් ඉල්ලූ මෙම රටවල් ස්වෛරීභාවය සහ එරට ලැදියාවන් උල්ලංඝනය කරමින් සිටී. නව සමාජ කොන්ත්‍රාත්තුවක් සමඟ, වගකීම් විරහිතභාවය, ප්‍රචණ්ඩත්වය, කුසගින්න සහ දූෂණය අවසන් කළ හැකි, අතීතයේ සියලු වැරදි සහ මඟහැරීම් ආමන්ත්‍රණය කළ හැකි දේශීය විසඳුම් සෙවීමට අපි කටයුතු කරමු; පීඩාවට ඇති බිය, ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය, සහ දරාගත නොහැකි වියදම් අවසන් කරමු. අප කුසගින්නේ සිටින අතරවාරයේ, කිසිඳු සතුරකු සමඟ සටන් නොකරන ආරක්ෂක හමුදාවකට, හෝ මිනිසුන්ට ලැබීමට නියමිත සියලු සම්පත් ගිල දමන රජයේ සේවා අංශයකට අරමුදල් වෙන් කළ නොහැක.

නීති තුළින් පමණක් ම විසඳුම් ලබා ගත නොහැක. බලය බෙදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් වී තිබෙන මුත්, දේශපාලඥයන් විසින් කිසිදිනක ක්‍රියාවට නංවා නැත. 1957 පටන් එකඟතාවලට පවා එළඹි මුත්, ඒ සියලු එකඟතා ප්‍රතික්ෂේප වූ හෝ අහෝසි කළ අතර, අවසන් වූයේ වාදවිවාද වලිනි. සැබෑ වෙනස පැමිණිය යුත්තේ ජනතාවගේ හදවතින් සහ මනසින් ය. 1958, 1977 සහ 1983 වර්ෂවල, තම මිනිසුන් සහ දේපළ ආරක්ෂා කර ගැනීමට සිය ජීවිතය පවා පරදුවට තබමින්, බොහෝ දෙනෙකු කණගාටුදායක ලෙස අබාධිත වීමට සහ සමූලඝාතනයට ලක්වූ දමිළ-විරෝධී ක්‍රියාන්විතයන් දියත් කිරීමට කටයුතු කළ සිංහල ජනයාගේ උදාරත්වය ලේඛනගත කරන අතීතයක් අපට තිබේ. තම අභිමානය උදුරාගැනීමට ලක්වූ දිවිගලවා ගත් අය සහ තුවාල ලැබූවන් – වින්දිතයන් වෙනුවෙත් තිබූ අවසාන විසඳුම ලෙස – කොළඹ සරණාගත කඳවුරු හරහා ඔවුන්ගේ දමිළ නිජබිම් වෙත නැව්වලින් පිටත් කර හැරිණි. ඔවුන් සිටින්නේ කොහේද, ඔවුන් ආරක්ෂාවට ලක් වූ දේශභූමිය කොහේ වේ ද, ඔවුන්ගේ ස්වාධීනත්වය සහ අනන්‍යතා ආරක්ෂා කළ යුතුය. මානව හිමිකම්, වෙනස්කොට සැලකීම් සිදු නොකිරීම සහ සමානාත්මතාවය ස්ථාපිත කිරීමේ වැදගත්ම මූලධර්මය එයයි. ජනවාර්ගික අයුක්තිය මුලිනුපුටා දැමීම සඳහා ජනවාර්ගික භේදයෙන් ඔබ්බට ශ්‍රී ලංකාව බිහි කළ නව පරම්පරාවන් ගැන අපි විශ්වාසය තබමු.

උතුරු-නැගෙනහිර යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශවලට ගියවිට දමිළ සිවිල් වැසියන් යුද්ධයේ දරුණුතම බලපෑමට ලක් වූ තරම ඔබ විසින්ම ඔබ බොහෝ දෙනෙකු අත්දැක ඇත. මව්වරු පියවරු තවමත් ඔවුන්ගේ දරුවන් සොයති. දරුවෝ තවමත් ඔවුන්ගේ දෙමාපියන් සොයති. ඔවුන්ගේ ජීවිත විනාශ වී ඇති මුත්, ඔවුන්ගේ සංක්‍රාන්තිය ඇතිකිරීමට අවශ්‍ය යුක්තිය සහ මනෝසමාජීය සහාය ලැබීම ප්‍රමාද වී ඇත. එය මානුෂීය අර්බුදයක් වන අතර එය නැවත ඇති නොවන බවට සහතිකවන කල් පවත්නා විසඳුමක් වහාම අවශ්‍ය වේ. ප්‍රමාද වූ යුක්තිය පිළිබඳ වගකීම ජාත්‍යන්තර වේදිකාවලට රැගෙන ගොස් ඇත්තේ ශ්‍රී ලංකාව අපරාධයේ පාර්ශවකරුවා ලෙස හංවඩු ගසමිනි.

ශ්‍රී ලංකාව, එහි දේශපාලනික සහ ආර්ථික පදනමෙන් මුදවා ගැනීමට සන්දිස්ථානයකට පැමිණ ඇති බව කිසිඳු සැකයකින් ඔබ්බට පැවසිය හැකිය. රට බේරා ගැනීම සඳහා ඔබ සැම සමඟ උරෙන් උර ගැටී වැඩ කිරීමට අප කැමැත්තෙන් සහ සූදානමින් සිටින අතර, ඒ ලේ වැකි අතීතය තුරන් කර අවිශ්වාසය සහ අධිපතිවාදී හැසිරීම්වලින් මිදීමට කාලය එළඹ ඇත. කලක් ලොව පුරා බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන්ට සහ සියල්ලන්ටම ආදර්ශයක් වූ මේ රට බේරා ගැනීමට අපි එක්වෙමු.

දිගින් දිගටම සිදුවන දාමරික අපරාධ අවසන් කිරීම, සහ ඒකාධිපතිවාදය සහ වගකීම් විරහිත ක්‍රියාකලාපය අවසන් කරන ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීම සඳහා, ගතවූ වසරවල සිදුවූ අයුක්තිය ආමන්ත්‍රණය කළ යුතුව ඇත. බහු වාර්ගික සහ බහු ජාතික සමාජයකින් සපිරි ශ්‍රී ලංකාවේ බලය බෙදීයාමේ ව්‍යූහය, සියලු වාර්ගික ගැටුම් ආමන්ත්‍රණය කළ යුතුව ඇත. කෙසේවෙතත්, මෙම බලය බෙදීමේ සැකැස්ම, රජය තුළ පමණක් නොව ජනතාව අතර පවා දණ්ඩමුක්තියේ සංස්කෘතිය මුලිනුපුටා දැමීම ද ඉල්ලා සිටියි. ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කිරීමට සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරමින් රාජ්‍ය හිංසනය අවසන් කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතුව ඇත. කුරිරු අපරාධ නැවත සිදු නොවන බවට සහතික වන සහ කිසිඳු අභූත ප්‍රකාශයකින් එය යට නොගැසිය හැකි, විසඳුම් මූලික වූ යුක්තිය මත මෙම ව්‍යූහය පදනම් විය යුතුය. 1988 – 1990 කාලය තුළ සිංහල ජනයා අතර සිදුවූ කුරිරුකම්වලට සහ 2009 සිදුවූ මුල්ලිවායිකාල් සමූලඝාතනයට අතදෙන්නට ඇති සියලු ආරක්ෂක හමුදා පරීක්ෂා කරන ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ ආවරණය කිරීම ගැටුම් නිරාකරණයට ඇතුළත් වේ.

ජනතා අරගලය සියලු ජනතාවට එක්වීම සඳහා අවස්ථාවක් නිර්මාණය කර ඇත. වාර්ගික යුක්තිය, වගවීම, සහ සංහිඳියාව වෙනුවෙන් තරුණ පරම්පරාව අභීතව නැඟිට සිටියි. බාහිර ලෝකය ඉල්ලා සිටින්නේ, ඇතුළත්භාවයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදයක් සහ ව්‍යවස්ථාපිත සහ ආයතනික විධිමත්භාවයන් ය. සාමය, සෞභාග්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදය උදාකර ගත හැකි පද්ධති වෙනස ස්ථාපිත කිරීම සඳහා, සාමයේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ නියෝජිතයන්ට මඟ නොහැරිය යුතු අවස්ථාවක් උදා වී ඇත. ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ, බදු ප්‍රතිසංස්කරණ, ආහාර සුරක්ෂිතභාවය සහ වැදගත්ම සාධකය ලෙස ශාරීරික සුරක්ෂිතභාවය ආදිය හරහා, ඔවුන්ගේ හිමිකම් ව්‍යවස්ථාපිතව සහතික කර ඇත. ඉතිහාසයේ පටන් ඔවුන් ජීවත් වෙමින් සිටින යම් ස්ථානයක් වේ ද, ඔවුන් ආරක්ෂාකළ දේශභුමියක් වේ ද, ඒ තුළ ඔවුන්ගේ ස්වාධීනත්වය සහ අනන්‍යතාවය ආරක්ෂා කළ යුතුව ඇත. බලය බෙදීයාම සහ සාමූහික පරමාධිපත්‍යය ඇති කිරීම තුළින් අපි රට එක්සේසත් කරමු!

Global Tamil Civil Society
([email protected])

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan