පාපය සමරිසිභාවය නොව සමරිසියන්ට එරෙහි නීති පැනවීමයි: සමරිසි විරෝධී නීති කෙරේ පාප්තුමා සහ ඇන්ග්ලිකන් නායකයන්ගේ අප්‍රසාදය!

Date:

සමරිසි, සංක්‍රාන්ති සමාජභාවී ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් අපරාධකරුවන් බවට පත්කරන නීති හෙළා දකිමින් අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප්තුමා සහ ඇන්ග්ලිකන් දේවස්ථාන විසින් ඒකාබද්ධ ප්‍රකාශනයක් සිදුකර ඇති බව වාර්තා වේ.

පාප්තුමා සහ ඇන්ග්ලිකන් දේවස්ථාන විසින් ඊයේ (05) දින එකාබද්ධව පැවැත්වූ මාධ්‍ය හමුවීමේදී උන්වහන්සේ අවධාරණය කර තිබෙන්නේ සමරිසි ප්‍රජාවට එරෙහි නීති පැනවීම වැරදි බවත්, පාපය වන්නේ මෙවන් නීති බවත් එය අයුක්තිය සංකේතවත් කරන බවත් ය.

මෙම මාධ්‍ය හමුව පවත්වා තිබෙන්නේ ෆ්‍රැන්සිස් පාප්තුමා ඊයේ දින දකුණු සුඩානය වෙත සිදුකළ සංචාරයකින් අනතුරුවය.

එමෙන්ම, සමරිසි නැඹුරුතා ඇති පුද්ගලයන් දෙවියන් වහන්සේ ගේ දරුවන් බවත්, ඔවුන්ගේ පල්ලිය විසින් ඔවුන් පිළිගත යුතු බවත් උන්වහන්සේ පැවසූහ.

ෆ්‍රැන්සිස් පාප්තුමාගේ ප්‍රකාශය කැන්ටර්බරි හි අගරදගුරුතුමන්, ගෝලීය ඇන්ග්ලිකන් දේවස්ථානයේ ප්‍රධානීතුමන් සහ ස්කොට්ලන්ත දේවස්ථානයේ ප්‍රධානීතුමන් විසින් අනුමත කර ඇති අතර, යුද්ධයෙන් පීඩාවට පත් දකුණු සුඩානය වෙත ෆ්‍රැන්සිස් පාප්තුමන් සිදුකළ සංචාරයේ දී එම ආගමික නායකවරුන්ද ඊට සහභාගී වී ඇත.

ආගමික සම්ප්‍රදායන් තුනක ආගමික නායකයන් විසින් මෙවන් ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකළ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය බව සඳහන්.

මේ අතර, යේසුස් වහන්සේ තමා හමුවට එන ඕනෑම පුද්ගලයකුට ප්‍රේමය ප්‍රකාශ කිරීම හැර වෙනත් දෙයක් සිදුකර ඇති බවට ශුභාරංචි සතරේ දක්වා ඇති බවට තමා අසා නැති බවත්, කිතුනුවන් වශයෙන් ඕනෑම මිනිසකුට ඕනෑම තත්ත්වයක් යටතේ අප සැමට ලබා දිය හැකි එකම ප්‍රකාශය එය බවත්, ස්කොට්ලන්ත පල්ලියේ නායකතුමන් පැවසූහ.

එමෙන්ම, සමරිසි යුවළයන්ට සිවිල් ඒකක පිහිටුවා ගැනීමට ඇති අයිතිය වෙනුවෙන් තමා පෙනී සිටින බව ෆ්‍රැන්සිස් පාප්තුමා පවසා ඇති අතර, කතෝලික සභාවට සමරිසි විවාහය අනුමත කිරීමට හැකියාවක් නොමැති මුත්, සමරිසි යුවළයන් පිහිටුවා ගන්නා සිවිල් ඒකකවලට සමාන ආරක්ෂාව ලබාදෙන නීතිවලට සහාය ලබා දීමේ හැකියාව පවතින බව ද උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.

එමෙන්ම, සමලිංගිකත්වය තහනම් කරන නීති පැවතීම නොසළකා හැරිය හැකි කරුණක් නොවන බව පෙන්වා දුන් පාප්තුමා, මෙලොව රටවල් 50 ක් පමණ විවිධ ලිංගික අනන්‍යතා සාපරාධීකරණය කරන අතරතුර, රටවල් 10 පමණ ඊට මරණ දණ්ඩනය පවා ලබා දෙන බවත්, වර්තමානය වන විට එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 66 ක් සම්මුතිගත සමරිසි සබඳතා සාපරාධීකරණය කරන බවත් අනාවරණය කළහ.

සංස්කාරක (LGBTIQ)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ තාවකාලික වෙනසක් – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික...

2026 ජනවාරියේ විදෙස් ප්‍රේෂණ කැපී පෙනෙන ඉහළ යාමක්

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි මාසයේ දී විදෙස්ගත සේවා...

රාජපක්ෂලා මුළු පවුලම කටඋත්තර දිදී ඉන්නෙ. සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව නැතිව එකපාර කරන්න බෑනෙ – ඇමති වටගල

සටහන - රුවන් නෙළුගොල්ල රාජපක්ෂ පවුලේ සියලුම සාමාජිකයින් මේ වනවිට...

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...