*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

මැතිවරණය ආරම්භයේදීම රජය අන්ත පරාජය පිළිගෙන අවසන්: ජීඑල්

නිදහස ජනතා සභාව ප්‍රවෘත්ති සාකච්ඡාව අද (06) දින පෙරවරුවේ දී පැවැත්වූ අතර
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේ තම අදහස් ප්‍රකාශ කළේය.

“මෙවර මැතිවරණයට අපේක්ෂකයන් 82,000 ක් තරඟ කරනවා. මැතිවරණ කොමිසම වැඩ ටික ක්‍රමානුකූලව සිදු කරමින් සිටිනවා. තැපැල් ඡන්දයටත් දින වෙන් කළා. නමුත් මැතිවරණය වැළැක්වීමට රජය දිගින් දිගටම උත්සාහ කරනවා. මැතිවරණය ආරම්භයේදීම රජය අන්ත පරාජය පිළිගෙන අවසන්.

ආර්ථික අර්බුදයකට මුහුණ දෙනවා. නමුත් මේ ප්‍රථම අවස්ථාව නොවෙයි. මේ අභියෝග ජයග්‍රහණය කිරීමට අපේ ජනතාවට හැකියාවක් තිබුනා. ලංකාවේ හයිය තමයි මානව සම්පත. නමුත් දැන් බුද්ධි ගලනයක් සිදු වෙනවා.

බදු ගෙවන්න ජනතාව සූදානම්. නමුත් රජයේ බදු ප්‍රතිපත්තිය දැඩි විවේචනයට ලක් වී තිබෙනවා. මේ ලබා ගන්නා මුදල යොදවන්නේ ප්‍රයෝජනවත් ලෙස ද කියලා ගැටලුවක් තිබෙනවා. අපේ ඇස් පනා පිටම සිදුවෙන දූෂණය නාස්තියට ඉඩ දෙන්න බෑ.

පෙබරවාරි 4 සංදර්ශනයත් එසේමයි. රට ගැන හැඟීමක් අපිටත් තිබෙනවා. නමුත් තුලනයක් තිබිය යුතුයි. ප්‍රමුඛතා හඳුනා ගත යුතුයි. සල්ලි නෑ සල්ලි නෑ කියලා රජය කියනවා. නමුත් මේ ආකාරයෙන් මුදල් වියදම් කරනවා. උසස් පෙළ තිබියදීම විදුලිය කපනවා.

පෙබරවාරි 4 සංදර්ශනයට වාහනම 350 කට වඩා යොදවාගෙන තිබුනා. අහස් යානා වලට ලොකු මුදලක් වැය උනා. සෘජු වියදම් වලට වඩා වක්‍ර වියදම් තිබුනා. ලොකු මුදලක් නාස්ති කළා.

පාර්ලිමේන්තු සැසිවාර පවා නියමිත දිනට කලින් අවසන් කළා. මේවා සුදුසු වැඩ නොවෙයි. රාජාසන කතා අහලා ජනතාවට ඇති වෙලා. ප්‍රතිපත්ති ප්‍රකාශන අහන්න ජනතාවට ඕන නෑ. ලස්සන කතා වැඩක් නෑ. ප්‍රශ්න වලට විසඳුම් තමයි අවශ්‍ය.

රටේ අභිමානය ගැන කියනවා. පම්පෝරි ගහනවා නමුත් පැය කිහිපයක් යන්න කලින් ගෑස් මිල ඉන්ධන මිල වැඩි කළා. ජනතාවට ඕන විසදුමක්.

2048 ආර්ථික සංවර්ධනය ගැන තමයි මේ අය කතා කරන්නේ. දීර්ඝ කාලීන සැලසුම් අවශ්‍යයි. නමුත් මූලිකත්වය ලබා දිය යුත්තේ අද තිබෙන දැවෙනෙ ප්‍රශ්න විසදීමටයි.

බංග්ලාදේශය සමඟ අපේ රට සංසන්ධනය කළ යුතුයි. IMF සමඟ සාකච්ඡා කරලා මාස 2 න් සල්ලි ගන්න බංග්ලාදේශයට හැකි උනා. අපි සාකච්ඡා ආරම්භ කලෙත් ඊට කලින් නමුත් අපිට තාම ණය මුදල ගන්න බැරි උනා.

මේ රටේ තිබෙන දූෂණ වංචා ජනතාවට එපා වෙලා. ගසා කෑම් ගැන අතිශය පිලිකුලක් තිබෙනවා. රටේ මුදල් පරිපාලනයට සම්බන්ධ වෙන පාර්ලිමේන්තුවේ කමිටු 3 ක් තිබුනා.

නමුත් දැන් මේ කමිටු වල වැඩපිලිවෙලවල් කඩා වැටිලා. සැසි වාරය අවසන් කිරීම නිසා ඒ සියල්ල නැවතුනා. කමිටු 40 ක් අහෝසි උනා.

රජය බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තු බහුතරය භාවිතා කර විරුද්ධ පක්ෂයේ අය කමිටු වලින් ඉවත් කරන්නයි. ඉවත් කර රජයට හිතවත් අය පත් කරයි.

පෙබරවාරී 8 වෙනිදා පාර්ලිමේන්තුවේ තිබෙන සංදර්ශනයට අපි සහභාගී වෙන්නේ නෑ. වසන්ත මුදලිගේ මහතා කළ හෙලිදරව් සම්බන්ධයෙන් රටේම අවධානය යොමු විය යුතුයි.

මේ රටේ නීතියක් තිබෙනවා. ත්‍රස්තවාදී පනත යටතේ අත්අඩංගුවට ගත්තත් විමර්ශන කරන ආකාරය ක්‍රමයක් තිබෙනවා.

තර්ජනය කර විමර්ශනය කිරීම නිවැරදි නෑ. මේක නීත්‍යානුකූල අත්අඩංගුවට ගැනීමක් නොවේ. මේක පැහැරගැනීමක්. සාපරාධී ක්‍රියාවක්. මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී විමර්ශනයක් වහාම පැවැත්විය යුතුයි”

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan