BREAKING: තුර්කියේ, සිරියාවේ භූකම්පන හේතුවෙන් මිය ගිය පිරිස 25,000 පනී!

Date:

ඉසුරු පරාක්‍රම

ලෝකය (LNW): තුර්කියේ සහ සිරියාවේ හටගත් දරුණු භූකම්පන හේතුවෙන් මිය ගිය පිරිස 25,000 ඉක්මවා ඇති බව ස්කයි නිව්ස් පුවත් සේවය වාර්තා කරයි.

මෙසේ මිය ගිය ප්‍රමාණය භූකම්පන හේතුවෙන් මිය ගිය බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකථනය කළ පුද්ගලයන් සංඛ්‍යාව පවා අභිබවා ගොස් තිබීම විශේෂත්වයකි.

ඒ අනුව, තුර්කියේ මිය ගිය සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 21,848 ලෙසත්, සිරියාවේ මිය ගිය සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 3,553 දක්වා ඉහළ ගොස් ඇති අතර, මිය ගිය මුළු සංඛ්‍යාව 25,401 ලෙස ස්කයි නිව්ස් වාර්තා කරයි.

මේ අතර, එක්සත් ජාතීන්ගේ ආධාර ලබාදීමේ ඒකකයේ ප්‍රධානී මාර්ටින් ග්‍රිෆිත්ස් පවසා සිටියේ මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව දෙගුණ විය හැකි බවයි.

ඡායාරූප: GETTY

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...

පාසල් දරුවෙකුට අමානුෂික ලෙස පහරදුන් පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : අට ශ්‍රේණියේ ඉගෙනුම...

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ ප්‍රේෂණ පංගුව: ආර්ථිකයේ ගාමක බලවේගයක්ද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකයේ විශේෂ තත්ත්වයක් පෙන්නුම් කරමින්...