මැතිවරණයට මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 100 ක් – සමන් ශ්‍රී රත්නායක

Date:

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඊයේ (11) මාධ්‍ය වෙත පැවසුවේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 100 ක් මේ වනවිට ලබාදී ඇති බවත්, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම නියමිත පරිදි මේ මස 22, 23, 24 යන දිනවලදි සිදුකළ හැකි බවත් ය.

“පළාත් පාලන ඡන්ද විමසීම සඳහා මේ වනවිට තැපැල් ඡන්ද නිකුත් කිරීමේ දිනය පෙබරවාරි 10 කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තැපැල් ඡන්ද සලකුණු කිරීම 22, 23, 24 යන දිනවල දී තම සේවා ස්ථානයේ දී ඡන්දය සලකුණු කිරීමේ හැකියාව තිබෙනවා. යම් දෙයකින් මෙම දින තුනේදී තමන්ගේ ඡන්දය සලකුණු කර ගැනීමට නොහැකි වුණොත් ඔහුට පුළුවන් 28 වනදා තමන්ගේ ආයතනය පිහිටි දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරියා ඉදිරියේ තමන්ගේ තැපැල් ඡන්දය සලකුණු කරන්න.

ඒ වගේම තමයි පෙබරවාරි 19 වනදායින් පසුවත් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නිල ඡන්ද දැන්වීම්පත් නිවෙස් වෙත බෙදීමට අවශ්‍ය කටයුතු සිදුකරනවා.”

එහිදී ඔනු මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සඳහා පිළිතුරු ද ලබා දුන්නා.

ප්‍රශ්නය -: අපට දැනගන්න ලැබුණා 36,000කට ආසන්න ප්‍රමාණයක් තැපැල් ඡන්ද අවලංගු වෙලා තියෙනවා කියලා ?

පිළිතුරු -: “ඔව්. තැපැල් ඡන්ද අයදුම්පත් සංඛ්‍යාවෙන 36,000ක් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා.”

ප්‍රශ්නය -: මැතිවරණය සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 100ක් ලැබිලා තියෙනවා කියලා ආරංචි වුණා ?

පිළිතුර -: “ඔව්. ඒ මුදල් අපිට ලැබිලා තියෙනවා.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...