අත්‍යවශ්‍ය ශල්‍යකර්ම – වෛද්‍ය සමන්ත සෙනවිරත්න

Date:

ඕනෑම ශල්‍යකර්මයක අධික රුධිර වහනය, ආසාදනය වැනි අවදානම් ඇත. එසේම ශල්‍යකර්මය සඳහා සිදු කරනු ලබන නිර්විදනය නිසාද විවිධ සංකූලතා ඇතිවිය හැකිය. එම නිසා ශල්‍යකර්මයක් සිදු කරනු ලබන්නේ අත්‍යවශ්‍යනම් පමණි. වෙනත් වචනවලින් කිවහොත් සියළු ශල්‍යකර්ම අත්‍යවශ්‍ය ශල්‍යකර්මයි.

ඇසේ සුද ඉවත් කර ගැනීම සඳහා සිදු කරන ශල්‍යකර්මයක් ගැන සිතමු. එය අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්මයක් ලෙස කෙනෙක්ට සිතෙන්නට පුළුවන. නමුත් එම රෝගියාට එය අත්‍යවශ්‍ය ප්‍රතිකර්මයකි. එම ශල්‍යකර්මය සිදු කරනතෙක් එම රෝගියාට තම ජීවිකාව පවත්වාගෙන යාමේ ගැටළු ඇත. එනම්, යම්කිසි ශල්‍යකර්මයක් සිදු කිරීමෙන් සිදුවන වාසිදායක ප්‍රථිඵල, එහි ඇති අවදානම් සහ ඇති විය හැකි සංකූලතා අභිබවා යයි නම් ශල්‍යකර්මය සිදු කිරීම රෝගියාගේ යහපතට හේතු වේ.

ශල්‍යකර්ම මඟින් ජීවිත රැක ගැනීම (Life Saving) මෙන්ම ජීවිතයක ගුණාත්මකභාවය (Quality of Life) දියුණු කිරීම ද සිදු කරයි. එබැවින් හදිසි ශල්‍යකර්ම සහ හදිසි නොවන ශල්‍යකර්ම ලෙස වර්ග කිරීමෙන් හෝ ශල්‍යකර්ම කල් දැමීම යුක්ති සහගත නොවේ. එය විවිධ ශල්‍යමය රෝග තත්ත්ව ඇති පුද්ගලයින්ගේ එදිනෙදා කටයුතු අඩපණ වීමෙන් රටේ ශ්‍රම බලකායටද සෘණාත්මක බලපෑමක් ඇති කරයි. තවද එම රෝග තත්ත්වයන් උත්සන්න වීමෙන් හදිසි ප්‍රතිකාර අවශ්‍ය වීමට මෙන්ම ජීවිත අහිමි වීමටද අවදානමක් ඇත.

එසේම රජයේ රෝහල්වල ශල්‍යකර්ම කාණ්ඩයක් නැවත්වීම ශල්‍යකර්මයක් සිදු කර ගැනීමට ඇති හැකියාව මුදල් නැමති සාධකය මත තීරණය වන දෙයක් බවට පත් කරයි. එසේනම් නිදහස් සෞඛ්‍ය සේවය කොයිබටද ?

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...