අනුප්‍රාප්තික ජනාධිපති කෙනෙක් ඉන්න වෙලාවක ජනමතය සම්බන්ධව උරගා බැලීමක් කල් දැමීම කියන්නේ අතිශයින්ම බියකරු බරපතල දෙයක් – චරිත කියයි.

Date:

නිදහස් ජනතා සන්ධානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ මහාචාර්ය චරිත හේරත් මහතා;

පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් දිසානතිය සමග අපි බලාපොරොත්තු වුණා මේ රටේ මැතිවරණ ක්‍රියාදාමය සක්‍රීයව ඉදිරියට යනවයි කියලා…ඒ අදහසින් අපි වැඩ කරමින් යනවා…හැබැයි අපිට පෙනී යනවා තව දුරටත් රජයේ කණ්ඩායම, ජනාධිපතිතුමාගේ පාර්ශවය හා කැබිනට් මණ්ඩලය සිටින ප්‍රධාන පක්ෂ කණ්ඩායම් අලි- පොහොට්ටු දේශපාලන යාන්ත්‍රණය මෙම මැතිවරණයට අතිශයින්ම බිය ජනක ලෙස මැදිහත් වෙනවා…මැතිවරණය පේන මානේ තියාගෙන එයට එරෙහිවීම එයාලා බිය වීමේ ක්‍රියාදාමය වෙනවා…

මැතිවරණය සදහා අනෙකුත් කණ්ඩායම් සමග ජනතාව එකතු වන අතර මේ අලි-පොහොට්ටු කණ්ඩායම තමන්ට ජනමතයක් නැති බව පැහැදිලි වන බියෙන් බරපතළ ලෙස මෙම මැතිවරණයට අකුල් හෙලනවා…

කාටහරි තරග කරන්න පුලුවන් මෙම මැතිවරණය පළාත් පාලන මැතිවරණයක් විතරයි කියල…මෙය පළාත් පාලන මැතිවරණයක් උනාට මෙම මැතිවරණය පවත්වන්නෙ වැදගත් තීරණාත්මක කාලයකයි.. අවුරුදු දෙකහමාරකට කලින් විශාල ජනමතයක් සමග පැමිණි ජනාධිපතිතුමාව ඉවතලා යන රටක් මේක…
එහෙම එලියට ආව ජනමතය මේ වන විටත් රටේ තියෙනවා… පාර්ලිමේන්තු අංක ගණිතයෙන් සාදාගත් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් විදියට වැඩකරගෙන යන කාලෙක දේශපාලනමය වශයෙන් මේ රටේ ජන මතය සම්බන්ධ විකෘතියක් තියෙනවා ..

කොවිඩ් 19 උවදුර ආවෙලාවෙ චන්දයට වඩා අපිට මිනිස්සු ප්‍රමුඛ උනා… හැබැයි එවෙලෙ ජනමතය සහිත ආණ්ඩුවක් තිබුණා…නමුත් දැන් ජනමතය නොමැති විකෘති සහගත අනුප්‍රාප්තික ජනාධිපති කෙනෙක් ඉන්න වෙලාවක ජනමතය සම්බන්ධව උරගා බැලීමක් කල් දැමීම කියන්නේ අතිශයින්ම බියකරු බරපතල දෙයක්…



රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...

දෙව්මිගේ පන්දුව පානදුර දෙසට හැරවුණු ජයග්‍රාහී සුළඟ යළි හලාවත දෙසට හරවයි

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන කාන්තා...