රංගන ශිල්පිනී ටනාෂාට සියල්ල අහිමිවේ – මිත්තණියට මිලියන 5ක වන්දියක් ගෙවීමට ද නියම කරලා!

Date:

ටෙලි නාට්‍ය නිළි රුචිනි ටනාෂා හතරසිංහට කොළඹ දිසා අධිකරණය නියෝග කළේ තමා කුඩා කල සිට ආදරයෙන්, කරුණාවෙන් රැකබලා පෝෂණය කර, අනතුරුව කොල්ලුපිටියේ නි‍වසක් ත්‍යාග කළ මිත්තණියට නොසැලකූ නිසා එම දේපළ යළි මිත්තණියටම පවරා දෙන ලෙසයි.

ප්‍රාණ භුක්තිය තබාගනිමින් දේපළ පවරා දුන් මිත්තණියට ආදරය කරුණාව නොදක්වා අකාරුණිකව ලෙස සලකා ඇතැයි තීන්දු කරමින් මෙම නියෝගය නිකුත් කළ කොළඹ දිසා අධිකරණය රුපියල් මිලියන 5ක වන්දියක්ද, දේපළ නීත්‍යනුකූලව පවරා දෙන තෙක් මසකට රුපියල් තිස් දහස බැගින් දීමනාවක් ද මිත්තණියට ගෙවන ලෙස එම නිළියට නියෝග කළේය. හැත්තෑ දෙහැවිරිදි ජයන්ති පෙරේරා මහත්මිය විසින් ප්‍රසිද්ධ ටෙලි නාට්‍ය ශිල්පිනියට එරෙහිව පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගමගේ මහත්මිය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළාය.

දේපළ පවරා දුන් මිත්තණියට අකාරුණික වූවා පමණක් නොව, අධිකරණය ඉදිරියේ සාක්ෂි ලබා දීමේදී ගරු සරුවක් නොමැතිව කතා කර ඇති බව දිසා විනිසුරුවරිය සිය තීන්දුව මඟින් පෙන්වා දී ඇත. ආදරය, කරුණාව දක්වා කෘතඥපූර්වකව රැක බලා ගැනීම වෙනුවට අකාරුණිකව සැලකීම පැමිණිල්ල මඟින් මනාව ඔප්පු කර ඇති බවට ප්‍රකාශ කරමින් මෙම තීන්දුව නිකුත් කළාය.

මිත්තණිය 2016 වසරේ දී මෙම නඩුව පවරා ඇති අතර නීතිඥ දිනේෂ් විදානපතිරණ මහතාගේ උපදෙස් පරිදි නීතිඥ ඉරාජ් ද සිල්වා මහතා පැමිණිල්ල වෙනුවෙන් කරුණු දක්වා ඇති අතර, කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ 1972 වසර සිට සිය දැරියන් සමඟ ජීවත් වූ මිත්තණිය සිය පවුලේ කුලුඳුල් මිණිපිරිය වන රංගන ශිල්පී විත්තිකාරියට 2010 වසරේදී ප්‍රාණ භුක්තිය තබා ගනිමින් අදාළ දේපළ පවරා දී ඇත. දේපළ පවරා දීමට පෙර මිත්තණිය සමඟ කුලුපගව සිට ඇති විත්තිකාරිය ඔප්පු ලියාපදිංචි කිරීමෙන් පසුව නි‍ෙවසේ වහල අලුත්වැඩියා කිරීමට ඇති බව පවසා මිත්තණිය ගෙදරින් පිට කර ඇති බවත්, ඉන්පසුව මිත්තණිය සිටී ද, නො සිටී ද යන්න පවා සොයා බැලීමට කාරුණික වී නොමැති බවත් පැවසූ නීතිඥවරයා අඩුම තරමේ දුරකතන ඇමතුමක් හෝ ලබා දී නොමැති බවද අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත.

දෙපාර්ශ්වයේ සාක්ෂි හා කරුණු සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරුවරිය පැමිණිලිකාර මිත්තණිය වැඩි බර සහිතව සිය පැමිණිල්ල ඔප්පු කර ඇති බවත්, විත්තිකාර මිනිපිරිය ස්තුති පූර්වක හැඟීමකින් කටයුතු කර නැති බවත් සඳහන් කරමින් පැමිණිල්ලේ වාසියට නඩුව තීන්දු කළාය.

පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ඉරාජ් ද සිල්වා මහතා සමඟ නීතිඥ එස්. ජනගන් මහතා පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් නීතිඥ නලින් සමරකෝන් මහතාගේ උපදෙස් පරිදි නීතිඥ නිරංජන් ද සිල්වා මහතා පෙනී සිට ඇත.

‘‘ආච්චි හෘද රෝගයෙන් පෙළෙන බව දන්නෙ නෑ. රෝගයකින් පෙළෙන බවට ආච්චි කිවුවා නම් හරි, අවශ්‍ය නම් ඇයට ප්‍රතිකාර ගන්න මුදලක් දෙන්න පුළුවන්, මේ නඩුව දානකම් ආච්චිව දැක්කෙ හෝ හමු වුණේ නෑ’’

විත්තිකාරිය සාක්ෂි දෙමින් සඳහන් කර ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරණ සෙල්ලම් අවසන්. ප්‍රවාහනයේ ආරක්ෂාව සහතික කරන්න රජයෙන් තීරණ රැසක්!

කොළඹ LNW:ඉහළ යන බිහිසුණු අනතුරු වැළැක්වීම සඳහා රජය් විසින්...

සජබ මන්ත්‍රී ප්‍රසාද් මාලිමා මන්ත්‍රීනී ලක්මාලිගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල තමන් ඊයේ (10) පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද...

ජනාධිපති ට්‍රම්ප්ගේ ඉහලම විශ්වාසවන්තයකු වූ කොන්සර්වේටිව් ක්‍රියාකාරික චාලි කර්ක් වෙඩිතබා ඝාතනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): කොන්සර්වේටිව් පක්ෂ...

කෙහෙල්බද්දර පද්මේ සමග සබඳතා පැවැත්වූ පොලිස් නිලධාරියෙක් CID අත්අඩංගුවට

සටහන - රුවන් නෙළුගොල්ල පාතාල කල්ලි නායකයකු වන කෙහෙල්බද්දර පද්මේ...