*
Friday, March 29, 2024
spot_img

Latest Posts

තිස් පස් වසරකට පෙර අද වැනි දිනක : සසර පුරා ඔබ ඈතට ඇදුණා …

තිස් පස් වසරකට පෙර අද වැනි දවසක විජය කුමාරණතුංග නම් සිංහල සිනමාවේ සිහින කුමරා සාහසික වෙඩි පහර වැද මෙලොව හැර දා ගියේය.

1988 වසරේ පෙබරවාරි 16 වැනි දා පොල්හේන්ගොඩ තම නිවස ඉදිරිපස මහජන පක්ෂයේ රාගම ශාඛාවේ සහකාර ලේකම් සරත් උපාලි සමග සිටින විජය කුමාරතුංගය. බෑගයක බහාලූ ගිනි අවියක් උකුළ මත තබා යතුරුපැදියක පැමිණි ඝාතකයන් දෙදෙනෙකි. මීටර විස්සක පමණ දුරකින් හිඳ ගිනි අවිය ක්‍රියාත්මක විය. පිට ප්‍රදේශයට වෙඩි පහර දෙකක් ලද විජය බිම ඇද වැටණු පසු ඔහු සමීපයට පැමිණි ඝාතකයෙක් මුහුණට ද වෙඩි පහර කීපයක් එල්ල කළේය. ඉන් නොනැවතී මොහොතේ නිවස තුළට දුවමින් සිටි සරත් උපාලි හට ද වෙඩි තැබීය.

බරපතල තුවාල ලද සරත් උපාලි පුරා දෙමසක සහ සතියක ඇවෑමෙන් කොළඹ ජාතික රෝහලේ දී මිය ගිය අතර හතළිස් දෙහැවිරිදි වූ සිංහල සිනමාවේ සිහින කුමරුවා රෝහල්ගත කරන විට ද මෙලොව හැර දා ගොස් තිබිණ. මුහුණට තැබූ වෙඩි පහර හේතුවෙන් මෘත ශරීරයේ හිස කොටස ආවරණය කරන්නට සිදු ව තිබිණ.

විජය හට වෙඩි තැබූ මොහොතේ වැඩිමහළු දියණිය කෑ ගසමින් නිවෙස තුළට දිව ආ බව චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් පොලිසියට ලබා දුන් කට උත්තරයේ දී සටහන් විය. තම ඇස් ඉදිරියේ සාහසික ලෙස ඝාතනය වූ ආදරණීය පියාණන් පිළිබඳ සිත තුළ සිර කර සිටි හැඟීම් පිට කළ යශෝදරා කුමාරණතුංග 1994 වසරේ දී A Butterfly’s Wise Words & other Poems නමින් කාව්‍ය සංග්‍රහයක් එළි දැක්වූවාය. එවකට දහ හතර හැවිරිදි දැරියක වූ ඇය ඒ කවි පොතෙහි ‘පිදුම’ මෙලෙස සටහන් කළාය.

‘….. ඔබේ ලස්සන මුහුණෙන් එසේ නිරර්ථකව ගලාගිය ලෙය, ඔබ එතරම් බලවත් හැඟීමෙන් කළ සටනේ අරමුණ වූ සාමයේ සහ සහෝදරත්වයේ මල් පුබුදුවනු සඳහා මගේ රටේ පසට මුසු වේවා යයි යන පැතුමෙන් මගේ ආදරණීය තාත්තාට හා මා වෙනුවෙන් ඉටු කළ යුතුකම් සම්භාරය වෙනුවෙන් අම්මාට….’

කාලාන්තරයක් තිස්සේ ජනප්‍රියතම නළුවා ලෙස සම්මාන රැසක් දිනා සිටි කෝවිලගේ විජය ඇන්ටන් කුමාරණතුංග හට හොඳ ම නළුවා ලෙස එක් සරසවි සම්මානයක් (1989 – කැඩපතක ඡායා) සහ හොඳ ම ගායකයා ලෙස සරසවි සම්මාන දෙකක් (1990 – සහරාවේ සිහිනය | 1992 – දොළොස් මහේ පහන) හිමි විය. නමුත් එකී සම්මාන ත්‍රිත්වය හිමි වන විට ඔහු ජීවතුන් අතර සිටියේ ද නැත.

පුරවැසියෙක් ලෙස ජනතා සම්මානය සහ ආදරය නොමදව දිනා සිටි මිනිසෙක් නිර්දය ලෙස වෙඩි තබා ඝාතනය කළ රටක්; හෙතෙම මිය ගිය පසු රංගනය සහ ගායනය උදෙසා සම්මාන පිරි නමන ලදි.

‘පාරුව පෙර මෙන් ගඟ මැද පෙනුණා
පියවර හඬ මා අසලම ඇසුණා
ඡායාවකි මෙය මායාවකි එය
සසර පුරා ඔබ ඈතට ඇදුණා…’

~ සහන් කසීර වික්‍රමසිංහ

ඡායාරූපය : මංමුලා වැල් (1984 සිට අද දක්වාම තිරගත නොකළ චිත්‍රපටයකි)

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan