අද සිට විදුලිය අඛණ්ඩව!

Date:

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරන්නේ 66%ක විදුලි ගාස්තු ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබුණු බැවින් අද (16) සිට විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බවයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසන්නේ විදුලි බිල පියවා ගැනීමට නොහැකිව සිටින පිරිස් සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයකට එළැඹීමට නියමිත බවයි.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක විදුලි බිල වැඩි කිරීමට අකමැති වූවද මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් තිදෙනාගේ එකඟතාවය මත මෙම තීරණයට එළඹ ඇත. මෙම යෝජනාවට අනුව ලංකා විදුලිබල මණ්ඩලයට අමතර රුපියල් බිලියන 287ක ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කෙරෙන බවයි වාර්තා වෙයි.

ඊයේ (15) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු සියයට 66 කින් ඉහළ නැංවීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබුණි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වංකගිරියක අපේ ජීවිත ….

අප සමනල් පිහාටු වැනි ජීවිතවන්දනාවේ යන්න ඉපදීනමුත් ඒ දුර...

හිටපු රාජ්‍ය ඇමති වඩිවේල් සුරේෂ්ගෙන් FCIDය පැය 8ක් ප්‍රශ්න කරයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතාව...

මහින්ද හෙට විජේරාමෙන් තංගල්ලට යයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...