මැතිවරණයට ජාත්‍යන්තර සහය ලබාගත හැකියි – ආචාර්ය පවිත්‍රා ජයවර්ධන

Date:

කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පවිත්‍රා ජයවර්ධන පවසන්නේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මුදල් නොමැති නම් ජාත්‍යන්තරයෙන් ඊට අවශ්‍ය මුදල් සපයාගත හැකි බවයි. ඇය පෙන්වා දෙන්නේ විදේශ ප්‍රතිපත්ති, විදේශ සේවය, රාජ්‍ය දූතකරණය යන අංශ හරහා එම මුදල් ලබාගත හැකි බවයි.

ඇය පවසන්නේ පළාත් පාලන මැතිවරණයට මුදල් නොමැති බවට ප්‍රකාශ කරනු ලබන්නේ ආණ්ඩුවේ වුවමනාවක් මත බවයි.

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයකින් තොරව කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා තීරණය කළ අතර එයට හේතුව ලෙස පෙන්වා දුන්නේ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අදාළ මුදල් නොලැබීමයි.

මුදල් ලබානොදෙන්නේ නම් ඊට අදාළ මුද්‍රණ කටයුතු සිදුකිරීමට නොහැකි බව රජයේ මුද්‍රණාලය මීට පෙර දැනුම්දී තිබූ අතර, තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ඊයේ දිනයේ සිදුකිරීමටයි මීට පෙර සැලසුම් කර තිබුණේ. මෙවර පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබුණේ මේ මස 22, 23 සහ 24 යන දිනවලදීයි.

පළාත් පාලන මැතිවරණය සඳහා සිය කොමිෂන් සභාව ඉල්ලා ඇති මුල්‍ය ප්‍රතිපාදන මෙතෙක් ලබානොදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මුදල් අමාත්‍යංශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන සිය කොමිසම හමුවට කැඳවන බව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (15) පවසා තිබිණි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...