මැතිවරණය නිසි ලෙස පැවැත්විය යුතුය: සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

Date:

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා ප්‍රකාශ කරන්නේ දීර්ඝ කාලයක් තිස්සේ කල් පසුකරමින් සිටින පළාත් සභා මැතිවරණය හා මේ වන විට නාම යෝජනා කැඳවා ඇති පළාත් පාලන මැතිවරණය නිසි ලෙස පැවැත්විය යුතුව ඇතැයි පිළිගන්නා බවයි.

ඒ බව පැහැදිලි කරන කරු ජයසූරිය මහතා..

“මහජනතාවගේ පරමාධිපත්‍ය බලය දුර්වල කෙරෙන කුමන හෝ ක්‍රියාමාර්ගයකට කිසිදු සහයක් පළ නොකරන අතර සැබෑ ජනමතය පදනම් කරගත් පාලන ව්‍යුහයක් වෙනුවෙන් සැමවිටම සහය පළකරන්නෙමු.

එහිදී දීර්ඝ කාලයක් තිස්සේ කල් පසුකරමින් සිටින පළාත් සභා මැතිවරණය හා මේ වන විට නාම යෝජනා කැඳවා ඇති පළාත් පාලන මැතිවරණය ද නිසි ලෙස පැවැත්විය යුතුව ඇතැයි පිළිගන්නෙමු.

එමෙන්ම රටට අනවශ්‍ය බරක් පටවමින් පළාත් පාලන ආයතනවලට අධික සභික සංඛ්‍යාවක් පත්කර ගන්නා වත්මන් ක්‍රමවේදයට ද කිසිදු එකගත්වයක් පළ නොකරන්නෙමු.

අප රජයෙන් ද අනෙකුත් සියළුම දේශපාලන පක්ෂ වෙතින් ද ඉල්ලා සිටින්නේ රට තුළ නිර්මාණය වෙමින් ඇති සංකීර්ණ අර්බුදය නිවැරදිව තක්සේරු කරමින් පොදු එකගතවයකට එළඹෙමින් ජනතාවගේ පරමාධිපත්‍ය බලය නිවැරදිව අභ්‍යාස වන හා ඒ මගින් ප්‍රකාශ වන ජනමතය හරහා යහපත් ආණ්ඩුකරණයකට අවස්ථාව සැලසෙන මැතිවරණයකට කල් නොයවා යොමුවිය යුතු බවය.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඌව පළාතේ අ.පො.ස උසස් පෙළ විශිෂ්ටයන් ඇගයූ ජනාධිපති අරමුදල!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක...

ග්‍රාමීය මාර්ග වැඩිදියුණු කිරීම සඳහා ADB වෙතින් ඇ.ඩො.මි. 90 ක ණයක්..

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : රට පුරා ග්‍රාමීය...

මහාමාර්ග අංශයේ ප්‍රමුඛ පෙළේ ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවන් 4ක් ප්‍රථම වරට අසාදු ලේඛනයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : මහාමාර්ග අංශයේ ප්‍රමුඛ...

රට තුළ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ අරමුණින් නව වැඩක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : රට තුළ මත්ද්‍රව්‍ය...