බෙලරුසියාවට පහර දුන්නොත් රුසියාවට සිය සහයෝගය ලබා දෙන බවට ලුකෂෙන්කෝ අනතුරු අඟවයි

ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ හෙවත් බෙලාරුස්හි අධිකාරීවාදී නායකයා ඊයේ(16)දිනයේදී ජාත්‍යන්තර මාධ්‍ය වේදීන් අමතමින් කියා තිබුණේ යුක්රේන හිතෛශී හමුදාව විසින් බෙලරුස් භූමියට ඇතුළුවුවහොත් රුසියානුවන් සමඟ එක්ව බෙලරුස් භූමියේ සිට යුද්ධ කිරීමට සූදානම් බව ප්‍රකාශ කර තිබුණි.

ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ පැහැදිලිවම රුසියාවේ මිලීටරි අධාරකරුවකු වන අතර මේ වන විට රුසියාව සහ බෙලරුස් අතර හමුදා සහයෝගීතාවය වැඩි වෙමින් පවතින අතර, ඒකාබද්ධ අභ්‍යාස සහ ඒකාබද්ධ හමුදා කණ්ඩායමක් ගොඩනැගීම ආදිය සිදු කර ඇත. එහෙත් මෙතෙක් බෙලාරුසියානු නායකයා රුසියානු හමුදා සමඟ එක්ව සටන් කිරීමට යුක්රේනයට තම හමුදා යැවීම මගහැර ඇත.

බෙලරුසියානු ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබුණේ බටහිර රටවල් යුක්රේන යුද්ධය වර්ධනය වීම වෙනුවෙන් ඉන්දන සපයන බවයි. කුමන හෝ අවස්ථාවක පුටින් න්‍යෂ්ටික අවි භාවිතා කළ හොත් න්‍යෂ්ටික යුද්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය ද අතුගා දමනු ඇති බවත් එය කිසිවෙකුටත් අවශ්‍ය නොවන හෙයින් සාමය සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට සහය වීමට තමාට හැකි බවත් ඔහු මෙහිදී සඳහන් කර ඇත.

එළැ‌ෙඔන සතියේ දී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩෙන් පෝලන්තයට පැමිණීමට නියමිතව ඇති අතර ඒ එන ගමනේ ලුකෂෙන්කෝ විසින් යුක්රේන යුද්ධය පිළිබඳ සාකච්ඡා කිරීමට බෙලරුසියාවටද ආරාධනා කර සිටියි. මෙය බොහෝ දුරට බයිඩන් විසින් ප්‍රතික්ෂප කිරීමට ඉඩ ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙන අතර එක්සත් රාජධානිය, යුරෝපා සංගමය සහ එක්සත් ජනපදය ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ බෙලාරුස් හි නීත්‍යානුකූල ජනාධිපති ලෙස පිළි නොගනී.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...