ආනයනික බිත්තර සඳහා මාර්ගෝපදේශන මාලාවක්

Date:

අමාත්‍ය මහින්ද අමරවීර මහතා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙන්නේ ආනයනික බිත්තර බේකරි කර්මාන්තය තුළ භාවිත කිරීම සඳහා මාර්ගෝපදේශන මාලාවක් සකස් කරන ලෙසයි.

එහිදී බේකරි නිෂ්පාදන සඳහා ආනයනික බිත්තර භාවිත කරන විට බිත්තර කටු ආරක්ෂිතව බැහැර කිරීම හෝ විනාශ කිරීම සිදු කළ යුතු අතර ඒවා පාවිච්චියේදී අත් ආවරණ යොදා ගැනීම සිදුකල යුතු බවයි. අනිවාර්යයෙන්ම බිත්තර කටු පරිසරයට මුදා හැරීම නොකළ යුතු අතර ඒවා පිළිබඳ වැඩි සැලකිලිමත් විය යුතු බව අමාත්‍යවරයා දැනුම් දී ඇත.

මෙම මාර්ගෝපදේශ නිකුත් කර තිබෙන්නේ රටවල් කිහිපයක ව්‍යාප්ත වී යන කුරුළු උණ වෛරසය මෙරටට ඇතුළුවීමට වැළැක්වීමේ අරමුණින් බවත් පසුගිය දිනවල මෙරට වෙළෙඳපොලේ ඇතිවූ බිත්තර හිඟය අවම කිරීම සඳහා බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කර ඇත. ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක ව්‍යාප්තවී යන කුරුළු උණ හේතුවෙන් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඒ සඳහා අවසර ලබා දුන්නේ නැත. පවතින බිත්තර හිඟය සහ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් තාවකාලිකව බිත්තර ආනයනය සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ වනවිට අවසර ලබා දී තිබුණත් එම බිත්තර බේකරි කර්මාන්තය සඳහා පමණක් භාවිත කිරීමට තීරණය කර ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...

වනඅලියෙකු පිලිස්සීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ඉකුත් දා සීප්පුකුලම...

ආණ්ඩුව ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම ක්‍රියාත්මක නොකළ බවට විපක්ෂයෙන් චෝදනා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වයේදී...