තුර්කියේ හා සිරියාවේ භූමිකම්පාව හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 43,000 ඉක්මවයි

තුර්කියට හා සිරියාවට බලපෑ ඉතිහාසයේ මාරාන්තිකම ව්‍යසනකාරී භූමිකම්පාව හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 43,000 ඉක්මවා ඇති බව වාර්තා වේ.

භූමිකම්පාව සිදු වී දින 11 ගොස් ඇති අතර, තුර්කියේ මරණ සංඛ්‍යාව 39,672 ක් ලෙස තුර්කියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Suleyman Soyluවිසින් නිවෙදනය කර ඇති අතර සිරියාවේ මරණ සංඛ්‍යාව 3,688 දක්වා ඉහළ ගොස් තිබේ.

තව දුරටත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර තුර්කි උප ජනාධිපති Fuat Oktay සිකුරාදා පැවසුවේ කලාපයේ ස්ථාන 200 කට වඩා අඩු ප්‍රමාණයක ගලවා ගැනීමේ ප්‍රයත්නයන් අඛණ්ඩව පවතින බවයි.

එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය, තුර්කියේ වාරි පද්ධති, මාර්ග, වෙළඳපල සහ ගබඩා ධාරිතාව ඇතුළු භූමිකම්පාවෙන් හානි වූ කෘෂිකාර්මික අංශයේ යටිතල පහසුකම් පිළිසකර කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන බවට පොරොන්දු වී ඇත.

මේ වන විට සිරියාවේද වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක වන අතර එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය හා ලෝක ආහාර වැඩසටහනෙහි ප්‍රකාශකයන් විසින් නිවේදනය කර තිබුණේ කූඩාරම්, මෙට්ට, බ්ලැන්කට්, ශීත ඇඳුම්, කොලරා පරීක්ෂණ කට්ටල, අත්‍යවශ්‍ය ඖෂධ සහ ආහාර ඇතුළු එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන හයකට අයත් භාණ්ඩ බාබ් අල්-හවා සහ බාබ් අල්-සලාම් යන මායිම් දොරටු හරහා සිරියාවට රැගෙන ගිය බවයි. ඒ අනුව පෙබරවාරි 9 වැනිදා සිට තුර්කියේ සිට වයඹ දිග සිරියාවට ආධාර රැගත් ට්‍රක් රථ 143ක් පමණ යවා ඇත.



සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...