සම්පත් නොමැති ජනතාව සවිබල ගැන්වීම තුළින් රට ගොඩගන්නවා – විපක්ෂ නායක සජිත්

Date:

ඉඩමක් නොමැති ජනතාවට, භූමියේ අයිතියක් නොමැති ජනතාවට, රැකියාවක් නොමැති ජනතාවට රට පුරා අැති මුඩු ඉඩම් ලබා දී ඔවුන් කෘෂිකර්මාන්තයට යොමුකර එහි ඵල ප්‍රයෝජන රටේ සංවර්ධනය වෙනුවෙන් යොදා ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඉඩම් නොමැති ජනතාවට ඉඩම් ලබා දීම තුළින් අාර්ථික සවිබල ගැන්වීමක් සිදු වන බවත් මේ සංකල්ප නොදන්න මුග්ධයින් කොට්ටාසයක් සජිත් දන්නේ බෙදන්න විතරයි කියා රට පුරා කියමින් යන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සම්පත් නොමැති ජනතාව සම්පත්වලින් සවිබල ගැන්වීම තුළින් ඔවුන්ගේ දායකත්වය ද අාර්ථිකය ගොඩ ගැනීමේ ක්‍රියාවලියට යොදා ගත හැකි බව පැවසීය.

බිඳ වැටුනු රට ගොඩ ගැනීම සඳහා සමගි ජන බලවේගයට හැකියාවක් පවතින බවත් එ් සඳහා අවශ්‍ය සියලු දේ සිදු කර රට නැවත යථා තත්ත්වයට ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ පසුගියදා තලාතුඔය ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...