හැම වහලක්ම විදුලි බලාගාරයක් කරන්න පුළුවන්. ඉංජිනේරු රැළක් ඒකට ඉඩදෙන්නෙ නෑ – ඇමති ජයන්ත

Date:

ශ්‍රී ලංකාව යනු දවසට පැය 12ක් සූර්ය ආලෝකය ලැබෙන රටක් බැවින් සෑම වහලක්ම විදුලි බලාගාරයක් බවට පත්කළ හැකි වුවත් ඉංජිනේරුවන් රැළක් ඊට ඉඩ නොදෙන බවත් වත්මන් විදුලි අර්බුදය නිර්මාණය වී ඇත්තේ ඒ නිසා බවත් බහාලුම් අංගන සහ ගුදම් පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පවසයි.

”මේ පැය 12ක් එළිය තියන රටක්. හැම වහලක්ම විදුලි බලාගාරයක් බවට පත්කරගන්න පුළුවන් රටක්. ඒක මේ ඉංජිනේරු රැළක් විසින් නවත්වලා තියෙනවා. ඒකට උත්තරයක් හොයන්නෙ නැතුව තෙල් මත විදුලිය උපදවන, කාබාසිනියා කරන ව්‍යාපෘතියට ගිහිල්ලා, තෙල් ගේන්න සල්ලි නෑ කියන එක තමයි මේ වෙලා තියෙන්නෙ. අපි කියන්නෙ මේක කැබිනට් එකේ බේරාගන්න මහත්වරුනි. මේවා මිනිස්සුන්ට කියන්න ඕනෙ නැහැනෙ. මිනිස්සුන්ට අහන්න ප්‍රශ්න නැතුවා නෙවෙයිනෙ. තුන්වේල කාපු මිනිහා දෙවේලට වැටිලා, දෙවේල එක වේලට වැටිලා, එක වේල හාමතට වැටිලා තියෙන්නෙ. මේ ඇතිවරුන්ගේ කෝළම් බලබලා ඉන්න ඕනෙද ටීවී එක ඉස්සරහාට ඇවිල්ලා”

ජයන්ත සමරවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (23) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

GMOA අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරයි. වෘත්තීය ක්‍රියාමාර්ගවලට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයක් නැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය...

ශ්‍රී ලංකාවෙන් මතු වූයේ පරාජයට හේතු නොව එංගලන්තයේ ජයග්‍රහණයට හේතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ එංගලන්තය...

‘මහින්ද දෘෂ්ටිවාදය’, ‘ජවිපෙ ආණ්ඩුවේ’ සුහුඹුල් හරිය සහ ‘රාජ්‍යය’

මා ‘මහින්ද දෘෂ්ටිවාදය‘ යන්නෙන් අදහස් කරන්නේ ජාතිවාදය, ගෝත්‍රිකත්වය සහ...

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...