*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

හිටපු ලුණු සංස්ථා සභාපතිත් චිත්‍රපට සංස්ථාවේ නව පත්වීම ප්‍රතික්ෂේප කරයි

චිත්‍රපට සංස්ථාවේ නව සභාපතිවරයා වශයෙන් පත්කෙරුණු නිශාන්ත සඳබරණ මහතා එම පත්වීම භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

ඒ මහතා මීට පෙර ලංකා ලුණු සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අතර දින කිහිපයකට ඉහතදී එම තනතුරින් ඉවත් කෙරිණි.

නිශාන්ත සඳබරණ මහතාව ලුණු සංස්ථා සභාපති තනතුරින් ඉවත් කිරීමට මූලික හේතුව වූයේ හම්බන්තොට නගරාධිපති එජාර් ප්‍රනාන්දු මහතා ඔහුට එරෙහිව දැක්වූ දැඩි විරෝධයයි. ඔහුව තනතුරින් ඉවත් කරන ලෙස ඉල්ලා හම්බන්තොට නගරාධිපතිවරයා මාරාන්තික උපවාසයක් පවා ආරම්භ කර තිබිණි.

ලුණු සංස්ථාවේ හිටපු සභාපතිවරයාව ඉවත් කිරීමට හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දුට අවශ්‍ය වී තිබුණේ එම සංස්ථාවෙන් ඔහුට ලැබුණු කප්පම් මුදල් අහිමි වීම නිසා බවත් සඳහන්. එරාජ්ගේ බලපෑම හමුවේ නිශාන්ත සඳබරණ මහතාව තනතුරින් ඉවත් කිරීමට චමල් රාජපක්ෂ මහතා ද මැදිහත්ව තිබුණු බවත් වාර්තා විය.

වැඩිදුරටත් කරුණු සොයාබැලීමේදී අපට ආරංචි වුණේ ලුණු සංස්ථාවේ කටයුතු දැන් දීර්ඝ කාලයක් තිස්සේ සිදුවන්නේ එක්තරා පවුලක අවශ්‍යතාවයට අනුව ඔවුන්ගේ ගෘහ කර්මාන්තයක මට්ටමෙන් බවත් එරාජ් ප්‍රනාන්දු නගරාධිපතිවරයා ද කරන්නේ එකී පවුලට පහසුකම් සැපයීම පමණක් බවත් ය.

කෙසේවෙතත් මේ දිනවල රාජ්‍ය ආයතන ප්‍රධානීන් තමන්ට ලැබෙන අලුත් පත්වීම් ප්‍රතික්ෂේප කිරීමේ රැල්ලක් ද මතුවෙමින් පවතින අතර ඔවුන් පෙන්වා දෙන අතිවිශාල ලාභයන් පසුගිය වසර දෙක ලැබුණේ සැබැවින්ම ඔවුන්ගේ දක්ෂතා නිසාද නැතිනම් රටේ ආර්ථික ප්‍රතිපත්ති නිසාද යන්න වෙනමම සලකා බැලිය යුතුය.

RN

සබැඳි පුවත් –

මිල්කෝ සභාපතිට වෙච්ච දේම ලුණු සංස්ථාවේ සභාපතිටත් !

මිල්කෝ හිටපු සභාපති ලංකා පොහොර සමාගමේ පත්වීම එපා කියයි

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan