බ්‍රන්ට් යුවළ පකිස්තානයට එරෙහිව වාර්තාගත ජයකට මඟ සකසති – සත්කාරකයින් නවසීලන්තය අභිබවා ලකුණු වේගෙන් අන්තිම හතරට

Date:

මෙවර කාන්තා 20/20 ලෝක කුසලාන තරගාවලියේ විශිෂ්ඨ දස්කම් දක්වමින් සිටින එංගලන්ත කණ්ඩායම පකිස්තාන කණ්ඩායමට එරෙහිව කඩුලු පහකට ලකුණු 213 ක් ලබා කාන්තා ලෝක කුසලාන තරගාවලියක කණ්ඩායමක් ඉණිමකදී ලැබූ වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කරන්නට සමත් විය.එහිදි නැට් ස්කිවර් – බ්‍රන්ට් පන්දු 40 දී නොදැවී ලකුණු 81 රැස් කරන්නට සමත් විය.එසේම ඇය එක් කඩුල්ලක් දවා ගත්තේ ලකුණු 4 ක් පමණක් ලබා දෙමින්ය.

පිළිතුරු ඉණිමට පිවිසි පකිස්තානය ලකුණු 99 ට සීමා කරන්නට මුල් වූයේ ද නැට් ගේ සමලිංගික විවාහ සහකාරිය වන කැත්රින් ස්කිවර් බ්‍රන්ට් ය.ඇය පකිස්තාන ප්‍රහාරයට එරෙහිව පන්දු යැවීම ඇරඹු ක්‍රීඩිකාව විය.ඇය පකිස්තානු කඩුලු 2 ක දවා ගත්තේ ලකුණු 14 ක් ලබා දෙමින්ය.
මේ අතර බංගලාදේශයට එරෙහිව කඩුලු 10 ක ජයක් ලැබූ දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාවට එරෙහිව දැවන්ත ජයක් වාර්තා කළ නවසීලන්තය අභිබවා ලකුණු වේගයෙන් අවසාන පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.බංගලාදේශය ලකුණු 113 කට සිමා කරමින් පන්දු ඕවර් 17.5 ක් තුළ කඩුලු නොදැවී ලකුණු 117 ක් ලබා ගැනීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ සමත් වූහ.

එම ජයග්‍රහණයත් සමඟ දකුණු අප්‍රිකානු කණ්ඩායම,නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම එම කොටසේ සම ජයග්‍රහණලාභීන් බවට පත් වි සිටියද දකුණු අප්‍රිකාව ලකුණු ලබා ගැනීම අතින් ඉදිරයෙන් සිටින නිසා අවසාන පූර්ව තරගයට එංගලන්තයට එරෙහිව මුහුණ දෙන්නට ඔවුන්ට අවස්ථාව එළැඹිණි.අනෙක් අවසන් පූර්ව තරගයේදී එකිනෙකා හමුවන්නේ ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාවය .
තරගයේ ප්‍රධාන ඡයාරූපයේ දැක්වෙන්නේ කඩුල්ලක් දවා ගත් කැත්රීන්ට සුබ පතන නැට් ය.
කාණ්ඩවල ලකුණු සටහනට පහත සබඳතාවය ඔස්සේ පිවිසෙන්නට හැකිය.

https://www.espncricinfo.com/series/icc-women-s-t20-world-cup-2022-23-1338037/england-women-vs-pakistan-women-19th-match-group-2-1338058/points-table-standings

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...