ජාතික ජන බලවේගයේ විරෝධතාව ඇරඹේ

Date:

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව විසින් පළාත් පාලන මැතිවරණය ව්‍යවස්ථා විරෝධී සහ අනීතික ලෙස කල් දැමීමට එරෙහිව විරෝධය පාමින් ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ විරෝධතා පාගමන මේ වන විට ආරම්භ වී තිබේ.

ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක පා.ම. අනුර කුමාර දිසානායක මහතා ඇතුළු එම පක්ෂයේ නායකයන් රැසක් මීට සහභාගී වී ඇති අතර, එම විරෝධතාව කොළඹ නෙලුම් පොකුණ අසලින් ආරම්භ වී ඇති බවයි වාර්තා වෙන්නේ.

මීට ඉහත කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම විරෝධතා පාගමන කොළඹ ප්‍රදේශයේ ගොඩනැඟිලි කිහිපයකට ඇතුළු වීම සහ කොටුව පොලිස් වසමට අයත් මාර්ගවල අවහිරතා ඇතිවන අන්දමින් පැවැත්වීම වළකාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...