ලංකාව මුහුණ පා ඇති ආර්ථික අර්බුදය හමුවේ උපරිම සහය දීමට ප්‍රංශ රජය සූදානම් – ප්‍රංශ තානාපති

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජීන් ෆ්‍රෑන්කොයිස් මහතා කියා සිටින්නේ, ශ්‍රී ලංකාව මුහුණපා ඇති ආර්ථික අර්බුදය හමුවේ දිය හැකි සියලු සහයක්ම දීමට පැරිස් ආධාර කණ්ඩායම තුළ සහ ඉන් පිටතත් ප්‍රංශ රජය සූදානම් බවත්, ප්‍රංශ ගුවන්සේවා සමාගම් කීපයක් ශ්‍රී ලංකාවට සෘජු ගුවන් සේවා පැවැත්වීමට කැමැත්ත පළකර ඇති බවත් ඒ තුළින් ප්‍රංශ ජාතික සංචාරකයින් විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට බලාපොරොත්තුවන බවත් ය.

තානාපතිවයරයා එසේ පවසා ඇත්තේ, වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ප්‍රංශ තානාපති ජීන් ෆ්‍රෑන්කොයිස් මහතා අතර වරාය අමාත්‍යාංශයේදී පැවැති හමුවේදීය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිවිරෝධී ලෙස රත්රන් ආනයනයක් ගැන රේගු පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : ඇමරිකානු ඩොලර් විශාල...

ජනාධිපති සමාව දීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණියි. රටේ නීතියට පිටින් ඉල්ලීම් කරන්න එපා – ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති සමාව මත සිරකරුවන් නිදහස් කිරීම...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

දූලා නික්ම ගියපසුත් ….

සති මැද්දේ දවසකඅම්මා මතක් උනා කියමින්දුව ආවාය ගෙදරට... මාළු ඇඹුල්...