මේක බොරුවක්. IMF ආවා කියලා මේ ප්‍රශ්න විසඳෙන්නේ නෑ – හරිනි (VIDEO)

Date:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන අනුමත වුවත් මේ සමස්ත අර්බුදයට එයින් විසඳුමක් නොලැබෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

“අපි අර්බුදයක් තුළ ඉන්නකොට එහි ස්වභාවය තේරුම් අරන් තමයි විසඳුම් ගැන කතා කරන්න වෙන්නෙ. එක හේතුවන් අරගෙන ඒක පස්සෙ දුවලා දැන් මේ අර්බුදය විසඳයි කියලා හිතනවා නම් ඒක බොරුවක්. මේ අර්බුදය සමාජ – දේශපාලනික – ආර්ථික හැම පැත්තෙන්ම තියෙන එකක්. එතකොට කාලයක් තිස්සේ පාලකයො කරපු එකක් තමයි යුද්ධය ඉවර වුණාම රට හරියනවා, කොවිඩ් පාලනය කළාම රට හරියනවා, දැන් IMF ණය ගත්තොත් රට හරියනවා කියපු එක. නමුත් මේ එක හේතුවක් නෙවෙයි, ඊට වඩා බරපතළ සමාජ – දේශපාලන – ආර්ථික පරිවර්තනයක් අවශ්‍යයයි. ඒ පදනමේ ඉඳන් තමයි අපි කියන්නෙ මේ රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ ආණ්ඩුව මේ වෙලාවේ මේ IMF, IMF ගගා යන්නෙත් අර පෙර කරපු විදියටම එක සාධකයක් අරගෙන මේ සමස්ත අර්බුදයට විසඳුමක් හැටියට සමාජයට පෙන්නුම් කරන්න උත්සාහ කරන එකක් තමයි මේ තියෙන්නෙ. ඒක අපි හිතනවා අසාර්ථකයි. යුද්ධය ඉවර කළා කියලා, කෝවිඩ් ඉවර කළා කියලා අර්බුදය විසඳුණේ නෑ. IMF ආවා කියලාත් මේ සමස්ත අර්බුදය විසඳෙන්නෙ නෑ. අර්බුදයේ පදනම මේ දූෂිත දේශපාලන සංස්කෘතිය. IMF ආවා කියලා දූෂිත දේශපාලන සංස්කෘතියවත් අපට ප්‍රතිපත්ති, සැලසුම් නැතුව අයාලේ යන රටක් හරි පැත්තට ගන්නවා කියන එක IMF එකේ ණය තුළින් විසඳෙන්නෙ නෑ. ඒක තමා අපි හිතන්නෙ කරන ලොකුම බොරුව. හැබැයි මේ පාර ඔය බොරුව වැඩ කරන්නෙ නෑ. මොකද මේ රටේ පුරවැසියන් වෙනස් වෙලා ඉන්නෙ”

හරිනි අමරසූරිය මහත්මිය මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ වැඩසටහනකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාර්තුවක් ලංකාවට කාර්තු දෙකක් බංගලාදේශයට

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

මාලිමාව බදූර්දීන්ගේ පක්ෂයත් සමග එක්ව කුරුණෑගල බලය අල්ලයි

කුරුණෑගල මහ නගර සභාවේ බලය අත්පත් කරගැනීමට ජාතික ජන...

ඉරාන – ඊශ්‍රායල යුද්ධයේ නව ප්‍රවණතා හා හැරවුම්…..?

අශෝක ජයතුංග ජූනි 18 වොෂින්ටන් LNW : 🍎ඊශ්‍රායලය කෑ සුපරිම කෑම.?🍎මොසාඩ්...

2025 පළමු කාර්තුවේ ආර්ථිකය වර්ධනය වුනේ කොහොමද ?

මෙම වසරේ (2025) පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය 4.8%ක...