ශ්‍රී ලංකාව තරමක් හොඳ තැනක

ශ්‍රී ලංකා තණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ පළමු ටෙස්ට් තරගයේ පළමු දිකය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ට ලකුණු 305 ක් රැස් කරන්නට සමත් වුණා.මෙම ලකුණු පූවරුව ප්‍රබල නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ප්‍රබල අභියෝගයක් කිරීමට තවත් ලකුණු 150 ක් පමණ එකතු කිරීම මෙන්ම දිවා භෝජනය පසු වී මද වේලාවක් පන්දුවට පහර දීමත් වැදගත් වේවී.

නවසීලන්තය පන්දු යවන්නන් සහ පන්දු යැවීම මුල් කරගත් තුන් ඉරියව් ක්‍රීඩකයන් සහිත වුව ද,පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයන් ද ලකුණු අතර සිටිනවා.කෙසේ වුව ද නවසීලන්ත පන්දු යවන්නන්ව තර්ජනයක් කර නොගෙන ආත්ම විශ්වාසයෙන් පහර දෙන්නට ශ්‍රී ලංකා පිතිකරුවන් කටයුතු කිරීම කැපී පෙණුනා.

කුසල් මෙණ්ඩිස් (87) සහ දිමුත් කරුණාරත්න (50) අර්ධ ශතක ලබා ගත් අතර තම පෞද්ගලික ටෙස්ට් ලකුණු ප්‍රමාණය ලකුණු 7000 දක්වා ඉහළ දමා ගත් ඇන්ජලෝ මැතිව්ස් අගනා ලකුණු 47 ක් එක් කිරීමට සමත් විය.දිනේෂ් චන්දිමාල් ලකුණු 39 ක් ලැබීය.

කඩුල්ලේ නොදැවී සිටින එකම විශ්වාසවන්ත පිතිකරු ධනංජය ද සිල්වා ය.ඔහු නොදැවී ලකුණු 39 ක් ලබා සිටියි.පිතිකරුවෙකුගේ වගකීම ඉටු කරමින් ධනංජය සමඟ හත්වන කඩුල්ලට නොබිදී ලකුණු 37 ක් එක් කරගෙන සිටින කසුන් රාජිත ලකුණු 16 ක් රැස් කරගෙන නොදැවී සිටියි.

පන්දු යැවීමේදී නවසීලන්ත නායක ටිම් සවුති ලකුණු 44 ට කඩුලු 3 ක් ලබා ගත් අතර,
මැට් හෙන්රි ලකුණු 65 ට කඩුලු 2 ක් ලැබීය.මයිකල් බ්රේස්වෙල් ලකුණු 17 ට කඩුලු 1 ක් ලැබීය.

ඡායාරූපයේ සිටින්නේ ටෙස්ට් ලකුණු 7000 සීමාවට පැමිණි ඇන්ජලෝ මැතිව්ස් ය.

නිෂ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැලිගම හෝටල් වෙඩිතැබීමේ නඩුව : දේශබන්දු ඇතුළු සැකකරුවන් 08කට එරෙහිව අධි චෝදනා

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : මාතර මහාධිකරණයේදී පැවැත්වුණු...

2027 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට!

කොළඹ LNW:2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත මුදල් නියෝජ්‍ය...

හිටපු අගවිනිසුරු ශිරානිගේ සැමියා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට !

හිටපු අගවිනිසුරු හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන...