නුවන් බෝපගේ ගේ ජාතිය ශ්‍රී ලාංකික ලෙස සටහන් කිරීමට රෙජිස්ටාර්ට සිදුවෙයි !

Date:

සිය දරුවාගේ උප්පැන්න සහතිකයේ පියාගේ ජාතිය ශ්‍රී ලාංකික ලෙස සටහන් කිරීම ප්‍රතික්ෂේප කළ රෙජිස්ට්‍රා ජනරාල්වරයාට එරෙහිව නීතිඥ නුවන් බෝපගේ විසින් ගොනුකළ නඩුවක් ඊයේ (10) අභියාචනාධිකරණයේ දී කැඳවු අවස්ථාවේ  අදාළ උප්පැන්න සහතිකයේ පියාගේ ජාතිය ශ්‍රී ලාංකික යනුවෙන් ඇතුළත් කිරීමට රෙජිස්ට්‍රා ජෙනාරාල්වරයා පොරොන්දු විය.

නීතිඥ නුවන් බෝපගේ මේ සිද්ධිය පිළිබඳව ගොනුකළ රිට් පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ලෆාර් තාහීර් හමුවේ කැඳවූ අවස්ථාවේ දී අදාල පොරොන්දුව   රෙජිස්ට්‍රා ජනරාල්වරයා විසින් ලබා දීම මත පෙත්සම්කාර නිතිඥ නුවන් බෝපගේ අයිතිවාසිකම් තබාගෙන පෙත්සම් විභාගය අවසන් කිරීමට තීරණය කළේය.

තම පුතා ගේ උප්පැන්න සහතිකයේ පියාගේ ජාතිය ශ්‍රී ලාංකික යනුවෙන් ඇතුළත් කිරීම රෙජිස්ට්‍රා ජනරාල්වරයා විසින් ප්‍රතික්ෂේප කළ බව සඳහන් කරන නීතිඥවරයා, රෙජිස්ට්‍රා ජනරාල් කාර්යාලයෙන් ගත් එම තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලා රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ද තම පුතාගේ උප්පැන්න සතිකයේ පියාගේ ජාතිය ශ්‍රී ලාංකික යනුවෙන් ඇතුළත් කිරීමට නියම කරන්නැයි ද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම පෙත්සම කැඳවූ අවස්ථාවේ දී පෙත්සම්කාර නීතිඥවරයාගේ දරුවාගේ උප්පැන්න සහතිකයේ පියාගේ ජාතිය ශ්‍රී ලාංකික යනුවෙන් ඇතුළත් කිරීමට රෙජිස්ට්‍රා ජනරාල්වරයා පොරොන්දු විය.

ඒ අනුව පෙත්සම් විභාගය අවසන් කිරීමට අභියාචනාධිකරණය තීරණය කළේය.

The Leader

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දෙරට අතර ඍජු ගුවන් ගමන් ඇරඹීමට චීන-ඉන්දියා එකඟතාවක්!

කොළඹ LNW:නුදුරු කාලයේදීම දෙරට අතර ඍජු ගුවන් ගමන් ඇරඹීම...

ට්‍රම්ප් හා පුටින් ඇලස්කාවේදී හමුවේ; සාකච්ජා සාර්ථකයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...

නාවික හමුදාව අපරාජිත එකම කණ්ඩායම බවට පත් වෙයි.

නිශ්මං රණසිංහ අගෝස්තු 16, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන පළමු...

ලොහාන් නොදැනසිටි දෙය ….

ලොහාන් රත්වත්තේ ගැන එක එක කට්ටිය එක එක දේවල්...